IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ජගත්ට දුන් ආරක්ෂාව ගැන පොලිස්පති කී දේකට සජබ විරෝධය

(අංජුල මහික වීරරත්න)

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය ලබාදුන් ආරක්ෂාව පිළිබඳව පොලිස්පතිවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයක් ගැන අවධානය යොමුව ඇතැයි සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සජබ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

දේශපාලනික නොවන කරුණු කාරණා මත  මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශය තුළ මන්ත්‍රීවරයා වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට හෝ තර්ජනයක් එල්ල වී ඇති බව හැඟේ.

එය කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමකි. එසේ නොමැතිව වක්‍රෝත්තියෙන් ප්‍රකාශ සිදු කිරීම තුළ මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස එය අපි තරයේ හෙලා දකිමු.

මෙම ප්‍රකාශය තුළ ඉස්මතු වන්නේ පැමිණිලිකරු චූදිතයා බවට පත්කිරීමත් වින්දිතයා අපරාධකරුවෙකු බවට පත්කිරීමේත් උත්සාහයක් බව අපි අවධාරණය කරමු.

වර්තමානයේ ආණ්ඩුව සිදු කරනු ලබනුයේද සියලු සිදුවීම් අනීතික ක්‍රියාවල නිරත වීම හෝ සම්බන්ධකම් නිසා සිදුවූවා යැයි කියනු ලබන ප්‍රකාශයකට ලඝු කිරීමයි.

ආණ්ඩුවේ ප්‍රචාරක සැලැස්මට අනුගතව පොලිස්පතිවරයා කරනු ලබන ප්‍රකාශ ස්වාධීන පොලීසියක පැවැත්ම පවා ප්‍රශ්ණ කරනු ලබන්නකි.

ස්වාධීන පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයාට පවරාදෙමින් පොලිස්පතිවරයාට සිතන ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින් සිදු කරනු ලබන මෙම ක්‍රියාවලියන් තුළ රට මර්ධනකාරී පොලිස් රාජ්‍යයක පැවැත්මක අඳුරු සෙවනැල්ල අපි දකිමු.

මෙම අනතුර සියලු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුළ ක්‍රියා කරන අයවලුනගේ අවධානය යොමු විය යුතු බව අපි පෙන්වා දෙමු.

සැකකරුවන් අත් අඩංගුවට ගැනීම මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරන පොලිස් මෙහෙයුම්  තුළින් සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට දරන පටු දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක් ලෙස ජගත්විතාන මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව පිළිබඳ තීරණය ලඝු කිරීමට එරෙහිව අපි ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නෙමු.



අදහස් (0)

ජගත්ට දුන් ආරක්ෂාව ගැන පොලිස්පති කී දේකට සජබ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site