
(අංජුල මහික වීරරත්න)
කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි ප්‍රශ්න ගත ජී. රාජපක්ෂගේ නිවස බලන්නට නිවාස ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා එහි ගියේය.
අදාළ ප්‍රශ්න ගත නිවසේ විදුලි බිල් පවා ජී .රාජපක්ෂ නමැත්තකුගේ නමට තිබුණද ඊට අයිතිවාසිකම් කීමට කිසිවකුත් ඉදිරිපත් වී නොමැති හෙයින් අදාල නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරීමට රජය කටයුතු කළේය.
අදාල නිවෙස නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ වාරි මාර්ගයට අයත් රක්ෂිත භූමියක මෙම නිවස ඉදිකර ඇති බවයි.කිසිදු අවසරයකින් තොරව එම නිවස ඉදිකර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
අදාල නිවස ඉදිකරද්දී ගමේ ග්‍රාම නිලධාරීවරයා ඊට විරුද්ධ වී ඇති බවත් නමුත් බලය පාවිච්චි කර අදාල ඉදිකිරීම කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා සඳහන් කළේය.
අනාගතයේදී මෙම ඉදිකිරීම ඵලදායී කටයුත්තක් සඳහා යොදාගන්නාා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි අදාළ නිවස තමාගේ නොවන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු බෝම්බේ ගෝඨාගෙ නමට බැර කරන්න උත්සාහ කරනවා වගේ මේකත් කොහොම හරි එයාගේ කරේ ගහන්න බලමු. ඊට පස්සේ සතියක්, දෙකක් ඒක ඇදගෙන යන්න කියලා කියමු.
අපිත් මේ ආණ්ඩුව බලයට ගේන්න ඡන්දෙ දුන්න අය. ඇත්තටම හරිම කණගාටුයි ගෝඨාභය හදපු නිවස ගැන මේ කියන කතාව ඇහුවම.මේ ගෙදර හදන කොට ප්ලෑන් අනුමත කර ගන්න ගෝඨාභයගෙ ID කොපි ඇතුළු සියලු විස්තර නගර සභාවේ අනුමැතියට දෙන්න වෙනවා.ඉතින් මෙවා හරියට හොයලා බැලුවොත් ඉතාම පහසුවෙන් ගේ හදපු කෙනාව අල්ලා ගැනීමට පුළුවන්.අපි හදපු මාලිමා රජයට කියන්නේ මෙක ලිස්සන යන්න දෙන්න එපා.
හරිම ආදර්ශවත් පින්වත් පරම්පරාවක් මේ රාජපක්ෂලා.... තමුන්ගේ සර්ව සාදාරණ මුදල් වලින් විශාල ගෙවල් හදලා අනේ අනේ අපේ නොවේ කියලා නම ප්‍රසිද්ද වෙනවටවත් අකමැත්තෙන් ඒ දේපල පොදු කටයුතු සදහා රජයට දන් දෙනවා... පවු අප්පා හරිම හොද ඇත්තෝ
මේ ගේ ගැන හොයලා බලපු එක හොඳයි. ඒත් මේ උනන්දුව අර මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් නාන්න විතරක් යන අනුරාධපුරේ ගේ ගැන නැති එකයි කණගාටුව.
ජී. රාජපක්ෂ කියන එක්කෙනා අමු ගවයෙක් බවයි පුවත් වාර්තාව කියෙව්වාම නං තේරෙන්නේ.
මේ රජයේ ඉන්නා උගත්තු පිරිසට ඔය ඉඩමේ අයිතිකරු කවුද කියලා හොයන්න බැරි ඇයි ගෝඨා කියනවානම් ඔහුගේ නෙවෙයි කියලා? ඔය ඉඩම සහ ගෙය තිබෙන පලාත්පාලන සභාවේ වරිපනම් ගෙවන ලියකියවිලි හොයන්න. ඒවායේ ඉඩම් ගෙවල් අයිතිකරුවන් ගේ විස්තර තියනවා හැඳුනුම් පත් සහ අනිකුත් විස්තර සමග. ඒවායින් අයිතිකරු සොයන්න පුලුවන්. කලින් සමාජ මාධ්‍යවල ගියා ගෝඨාබය රාජපක්‍ෂ කෙනෙකුගේ නමට තියන බිලක්. නමුත් පසුගිය කාලේ අරගලකරුවන් ඇතුලු සැමදෙනා අපහාස කරපු විදිහට ඔහුට තව සිංහල නමක් තිබෙනවා. එහි මුලු නමම නෑ. නියම බිලක සහ වරිපනම්, ඔප්පු පිටපත්වල ඒ මුලු නමම තිබිය යුතුයි. ඔය ටික ගෙයක් ඉඩමක් තියෙන නිසා ලියකියවිලිවල තිබිය යුතු බව දන්නා සාමාන්‍ය පුරවැසියන්වන අපට තේරෙනවා නම් ඇමති මන්ත්‍රී තුමාලා සහ තුමීලට වගේම ඔවා සොයන නිලධාරීන්ටත් තේරෙන්න ඕනා. පැමිනිල්ල විසින් චෝදනාව සාක්‍කි ඇතුව ඔප්පු කරන්න ඕනා බවයි නීතියේ තියෙන්නේ. ඊට පස්සේ වරදට දඬුවම් දෙන්න. වෙන ගෝඨාභය කෙනෙක් නම් ඒකත් කියන්න.
මට තේරෙන්නේ නැහැ නියෝජ්‍ය ඇමතිට මෙතන නිරීක්ෂණ සංචාරයට තියෙන රාජකාරීමය වගකීම මොකක්ද කියල, ඒත් දේශපාලනික වටිනාකමක් නම් තිබෙනවා
මේක අයිතිකාරයා අඟහරු ලෝකේ ඉන්නේ, එයා එනවා අපි දැකලා තියෙනවා.
මේ මෝඩ ඇමැතිලාට තේරෙන්නේ නෑනේ ගුණරත්නට ඕන විදිහටයි... ඒ අය වැඩකරන්න ඕනෑ කියලා. අනේ මන්දා, කවදා තේරුම්ගනීද කියලා...
උප්පැන්න, විවාහ, ජාතික හැඳුනුම්පත, පාස්පෝට්, ඉඩම් ඔප්පු තිරප්පු වැනි රාජ්‍ය ආයතන සමඟ සංසරණය වන සෑම වැදගත් ලිපි ලේඛන වලම අයදුම් කරන්නාගේ සෑම නමක්ම පැහැදිලිවම, සම්පූර්ණයෙන්ම සදහන් කිරීම අනිවාර්ය කිරීමට නීතිරීති ගෙන ඒමට AKD, මාළිමා රජයට කාලය එළඹ තිබේ. එවැනි අණපනත්, මන්ත්‍රීන් 159 ක බලයක් තබාගෙනත් සම්පාදනය නොකළොත්, සක්කරයාගේ මල්ලි වන වයිමා ඇවිල්ලා වත් කරන්නේ නැහැ. එහෙම වුණාම, ගොඨාභය හෝ වෙනත් ගොබ්බයෙක් G කියා හෝ, මයිනෙක් M කියා හෝ, නො-මොළයෙක් N කියා හෝ කුරුටු අකුරු වලින් නම ලියා "අනවශ්‍ය" ප්‍රකාශ නොකර සිටීමෙන්, තමන් "දුක් මහන්සියෙන්" උපයා සපයා ගත් වටිනා දෙපල රාජසන්තක වීම වළක්වා ගැනීමට පුළුවන් බව මගේ ආච්චි කියනවා.
ගෝඨාට ජී.නන්දසේන කියන නමින් අලියෙකුත් හිටියා. මොළහතාට මල්වානේ නිවසකුත් තිබුණා. දූෂිත බලලෝලි දේසපාලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ...