
ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේදී හෙට (10) චාර්ල්ස් කුමරු නිල වශයෙන් තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස කිරුළු පැළඳීමට නියමිත බව බී.බී.සී පුවත් සේවය පවසයි.
කිරුළු පැළඳීමේ උත්සවය සඳහා 700 ක් පමණ පිරිසකට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇත.
රැජිනගේ අභාවය හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ කිරුළ චාර්ල්ස් කුමරු හට වහාම හිමිවෙන බවත් ඔහු තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස බ්‍රිතාන්‍ය කිරුළ දරන බවත් බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
කිරුළ චාර්ල්ස් කුමරු හට වහාම ලැබුණත් රජු ලෙස කිරුළු පැළඳීමට පෙර ප්‍රායෝගික හා සම්ප්‍රදායික පියවර ගණනාවක් සම්පුර්ණ කිරීමට තිබෙන බව බී.බී.සී පුවත් සේවය පෙන්වා දුන්නේය.
රාජාභිෂේක උත්සවයේදී, චාර්ලස් කුමරු ලෝකයා ඉදිරියේ හෙට (10) රජු ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති අතර එහිදී කැන්ටබරි අගරදගුරුතුමා සෙංකෝලය චාර්ල්ස් කුමරුට පිරිනැමීමෙන් අනතුරුව රන් ඔටුන්න චාර්ල්ස් කුමරුගේ හිස මත පළඳවමින් නිල වශයෙන් තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස චාර්ල්ස් කුමාරයාට කිරුළු පැළඳවීම සිදු කරයි.
චාර්ල්ස් කුමරු රජ වූ පමණින් ඉබේම විලියම් කුමරු හට ‘වේල්සයේ කුමාරයා‘ තනතුර නොලැබෙන බවත් එය විලියම් කුමාරයා හට පිරිනමන වාද නැද්ද යන්න තුන්වෙනි චාර්ල්ස් රජුගේ තීරණයක් බවත් බී.බී.සී පුවත් සේවය සඳහන් කළේය.
දෙවැනි එළිසබෙත් මහ රැජිණ ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාළිගයේදී ඊයේ (8) අභාවප්‍රාප්ත වූවාය. ඇය මෙලොවින් සමුගනිද්දී 96 හැවිරිදි වියේ පසු වූවාය.ඇය වසර 70 ක් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරුවාය.
(රොයිටර්)


2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චාල්ස්ට ඔටුන්න