(සුජිත් හේවාජුලිගේ )

බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස, රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයන් ගෙදර සිට සේවා කටයුතු සඳහා සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙල (Work From Home ) ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.

බලශක්ති අර්බුද මතුවන අවස්ථාවලදී ලෝකයේ බොහෝ රටවල මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

ගෙදර සිට කාර්යාල සේවා කටයුතු කිරීමේ වැඩපිළිවෙළ කොවිඩ් උවදුර පැතිරුණු සමයේදී ක්‍රියාත්මක කෙරිණ.

මැද පෙරදිග අර්බුදය සමග බලශක්ති පිළිබඳ අර්බුදයක් මතුවීම හේතුවෙන් මෙරට ඉන්ධන ගාස්තු සැලකිය යුතු ප්‍රමාණය පසුගියදා වැඩි කෙරිණ. තෙල් සැපයුම් වලට අවහිරතා තවදුරටත් මතුවුවහොත් ඉන්ධන ගාස්තු නැවතත් වැඩි කිරීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස, ඉන්ධන ලබා ගැනීමට "කිව් ආර්" භාවිත කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදීම කෙරෙහිද රජයේ අවධානය යොමුවී ඇත.