
(රවින්ද්‍ර ලියනගේ සහ ලලිත් නවරත්න)
විදේශිය රටක නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ විශේෂිත උණ්ඩ යෙදිය හැකි ස්වංක්‍රිය ගිනි අවියක් සහ තියුණු කඩු දෙකක් සිය නිවසේ තබා ගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව තොඩුවාව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගත් සැකකරු 63 හැවිරිදි මහවැව බක්මිවලාගාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තොඩුවාව පෙලෙිසියට ලැබුණු තොරතුරක් අනුව 23 දා පෙරවරුවේ සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි සඟවා තිබු ස්යංක්‍රිය ගිනි අවිය සහ කඩු දෙක සොයා ගෙන ඇත.
එම ගිනි අවිය විශේෂිත උණ්ඩ යෙදිය හැකි කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් බව පොලිසිය කියයි.
සැකකරු මෙම ගිනි අවිය හා කඩු දෙක කිසියම් අපරාධයක් සදහා යොදා ගත්තේ ද නැතිනම් කුමන හේතුවක් මත ගිනි අවිය හා කඩු දෙක තබාගෙන සිටියේද යන්න විමර්ශණයක් පවත්වන බව පොලිසිය කියයි.
2025 ඔක්තෝබර් මස 08
1309
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1240
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
452
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගිනි අවියක් කඩු දෙකක් තෝඩුවාවෙන් අල්ලයි