(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගිනි අවි සහ  උණ්ඩ තොගයක් නිවස තුළ සඟවාගෙන සිටි ගරාජ් හිමියකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

සැකකාර ගරාජ හිමියා සමඟ විදේශීය රටක නිෂ්පාදිත රිපිටර් වර්ගයේ ගිනි අවි එකක් , බොර 12 කානු දෙකේ ෂොට් ගන් වර්ගයේ ගිනි අවි එකක්, බෝර 12  උන්ඩ 15 ක් , මිලිමිටර් 7 දශම 62 වර්ගයේ  උණ්ඩ 50 ක් , රයිපල් අවියකට යොදනු ලබන 0 දශම 22 වර්ගයේ  උණ්ඩ 2 ක් පොලිස් භාරයට ගෙන ඇත.

කඩුවෙල වැලි විට ගරාජ් හිමියෙකුගේ නිවසේ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි අංශයට ලද රහසිගත තොරතුරකට අනුව කඩුවෙල අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර විජේතුංග මහතාගේ උපදෙස් මත ඒකක 05 ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පි. එම්. බි. රසාංජන මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ දෙමහල් නිවස වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී නිවසේ උඩුමහලේ කාමරයක සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වී ඇත.

එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ පියාගෙන් ලැබුණ බවට අනාවරණය කළ බව පොලිසිය කියයි.