IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගාසාවට මානුෂීය ආධාර එයි

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, විපතට පත්වී සිටින ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට මානුෂීය ආධාර යැවීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතරේ එකඟත්වයක් ඇති කර ගැනුණි.

එකඟත්වය ඇති කර ගැණුනේ, කටාර් රාජ්‍යය සහ ප්‍රංශය මැදිහත් වී, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ හමාස් නියෝජිතයන් මුහුණට මුහුණ හමුවී, සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

ඇති කරගත් නව එකඟතාවට අනුව, ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරින් ආරම්භ වනු ඇත. එම ආධාර ඊජිප්තුවට රැගෙන යෑම සිදුවන්නේ, ඊජිප්තුව හරහා ගාසා තීරයටය. ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවටත් මායිම් වෙයි.

හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ද එකඟතාවක් ඇති කර ගැණුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 132 ක් තවමත් හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින බව ද පැවැසෙයි.

ඊශ්‍රායල හමාස් යුද්ධයට දින 100 කට වඩා ගත වී ඇත. මේ වනවිට ස්ථිරසාර සටන් විරාමයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ හමාස් නියෝජිතයන් හවුල් කරගෙන සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකාව කටයුතු කරන බව ද වාර්තා වේ.

මේ අතර, චීන රජය යෝජනා කළ ඇත්තේ සියලු පාර්ශ සම්බන්ධ කර ගනිමින්, ඊශ්‍රායල හමාස් අර්බුදය විසඳීමට ජාත්‍යන්තර සමුළුවක් පැවැත්විය යුතු බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ගාසාවට මානුෂීය ආධාර එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 20 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site