IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ගෑස් ඩිලිවරිවලින් හූරා කෑමක් ගැන තොරතුරු

(යොහාන් භාසුර)

ගෑස් හිඟය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිවසටම ගෙනැවිත් දෙන මුවාවෙන් ජනතාව හූරා කෑම ජාවාරමක් ක්‍රියාත්මක වන බව තමන්ට ද දැනගන්න ලැබී ඇතැයි ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේ නිලධාරීහු 'ලංකාදීප' යට පැවසූහ.

'හෝම් ඩිලිවරි' සේවා යයි කියන පුද්ගලයන් කොළඹ නගරය තුළ නිවසකට ගෑස් සිලින්ඩරයක් සැපයීම සඳහා රුපියල් 4100 සිට 4500 දක්වා මුදලක් අය කරන බවත් කොළඹින් පිටත මොරටුව, මහරගම, ගම්පහ, පානදුර සහ මීගමුව ආදී ප්‍රදේශවලට ගෑස් සිලින්ඩරයක් ලබාදීම සඳහා රුපියල් 5000 කට ආසන්න මුදලක් අය කරන බවත් ජනතාව පවසති.

මෙහිදී මෙම හෝම් ඩිලිවරි' යැයි කියන පිරිස ගෑස් සිලින්ඩරයක නියමිත මිලට වඩා රුපියල් 1000 කට වැඩි මිලක් ඇය කරමින් ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් 500 කට අධික මුදලක් ද කරන බව පාරිභෝගිකයෝ චෝදනා කරති.

ලිට්‍රෝ ගෑස් 12.5 සිලින්ඩරයක් රුපියල් 2750 ක් වන අතර ලාෆ් ගෑස් 12.5 සිලින්ඩරයක් රුපියල් 2,840 ක් වේ.

කොළඹ නගරය ඇතුළු දිවයිනේ බොහෝතැන්වල අදත් දිගු ගෑස් පොලිම් දක්නට තිබිණි.

ඡායාරූප ගයාන් අමරසේකර

 



අදහස් (2)

ගෑස් ඩිලිවරිවලින් හූරා කෑමක් ගැන තොරතුරු

අගුපිලගේ Sunday, 02 January 2022 07:20 AM

ඒවා ඉතින් අපේ වැරදි නොවෙයි, ගෑස් නියෝජිතයන් කරන වැරදි මිලට ගැනීමට අවශ්‍ය කෙනෙකු කතාකරන්නේ... වෙළඳ නියෝජිතයින්ට ඔහු තමයි ඩිලිවරි කරවන්නේ... ඉතින් බිල්පත් සමග යැව්වාම වැඩි මිලක් ගන්න බැහැ. කොහොමත් පුපුරන නිසා වැඩි ගණනක් ගැනීම වරදකුත් නැහැ.. පුපුරන ගෑස් නැති කාලෙක හරියාවි..

:       0       6

Hafeel Sunday, 02 January 2022 08:52 AM

මේ ආණ්ඩුවට උපරිම කළ හැක්කේ අපරාධ කරුවන් නිදොස්කොට නිදහස් කිරීම සහ ගැසට්පත්‍ර නිකුත් කිරීම සහ අවලංගු කිරීම...

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 532 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site