
(නිමල කොඩිතුවක්කු)
රටට බත සපයන ගොවියා වලපල්ලට ඇද වැටෙද්දි ආණ්ඩුව වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරමින් කංසා වගාවට අතහිත දීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දේපල කණකර උගස් කර ගොවිතැන් කළත් වගාවට නිසි මිලක් නොලැබ ගොවිජනතාව අනාථ වී ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවකකට එක්වෙමිණි.
රණසිංහ ප්‍රේමදාස මහතා ඇගලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කරන විට ප්‍රේමදාස සුද්දියන්ට රට ඇදුම් මහනවා කියා රජයේ එවක නායකයෝ කිව්වත් අද විදේශීය ආයෝජකයන් 7 දෙනකුට කංසා වගා කරන්න අවසර දී ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය.
එදා නිෂ්පාදන කර්මාන්තයක් ලෙස ඇගලුම් කර්මාන්තය දියුණු කළත් අද වන විට ගංජා වගාවට අක්කර 64ක් ව්‍යාපෘති 7ක් යටතේ වෙන්කර ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය.
COMMENTS
61 වතාවක් අගමැතිකම බාර නොගෙන ප්‍රතික්ෂේප කරපු ළාමක ටින් ටින් විපක්ෂ නායකතුමාට මොනවා කියන්ඩ බැරිද?...
ටිකක් පාවිච්චියට අරං වගෙයි. ඔහොම යං, ඔහොම යං
කංසා අරගෙනද කොහේද කියවන්නේ... ?
සිගිති මොළේ ආයේ ඉතිං…
ඒ කාලේ පියාණෝ තාර පාරවල් වල කෙහෙල් වැව්වට වැඩියෙන් කොයිතරම් හොඳයිද?
ඔය නිකම් තියෙන වක්කඩේ කටත් අර්න් ඔයා එන්න. කන්සා වලට වතුර දාන්න. අරක්කු පෙරුවත් දැන් රජය ප්‍රශ්නයක් නැහැ. සේරම කරන්නේ රටයි, ජනතාවයි වෙනුවෙන්. ණය බරින් නිදහස් වෙන්න... ලාමක ටින්ටින්. තවත් කෙනෙක් අපාගත වුණා නේද? ඒකට මොකද කියන්නේ...? මහ රෝහලින් හරියට බෙහෙත් කෙරුවේ නැහැ කියලාද? නැත්නම් කෙහෙලියගේ බෙහෙත් ගුණ අඩු එකද? දැන්කිසි කෙනෙක් සින්ගප්පුරු යන්නේ නැහැ නේද? බෙහෙත් ගන්න. ඉළඟට කව්ද යන්න ඉන්නේ...? රට පිරිසිදු කරන්නේ පාතාලයයි. හාට් ඇටෑක් එකයි. නියම වැඩේ....
උස අයට සිකුරිටි කරලා... මිටි අයට කම්කරු කරලා මෙයා ජනාධිපති වෙන්න හදනවා.
අයියෝ සාමි මොන සංවර්ධන වැඩක් පටන් ගත්තාත් ඒකට අකුල් හෙලන පුතාණෝ...!
අනුවන මිනිසුන් දන්නෙ එතුමා කියන හැම හොඳදේටම පහත් අදහස් පල කිරීමයි. අපේ ජාතියට එවැනි පුද්ගලයින් හෙනයක්...
තරුණයින් 60000ක් වලපල්ලට යැව්වා... ටයර් වල දමලා ඒ කාලේ...
ගොයියා පල්ලා මං ගෙයි පඩිය දැක්කේ නෑ
රටට අයහපත් වැඩපිළිවෙළවල්වලට මෙහෙම හරි කතාකරන එක ලොකු දෙයක්...
මෝඩ පුතේ අක්කර 64 කිව්වාට එව්වා වවන්නේ හරිතාගාර වල.. බයවෙන්න එපා. සුද්දෝ ඉඩම අරන් යන්නේ නැහැ.