
(රංජන් කස්තුරි සහ ටී.කේ.ජී.කපිල)
සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය නොලැබීම නිසා මෙතෙක් කලක් වසා දමා තිබූ කටයුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ කටයුතු අද ආරම්භ කෙරිණි.
ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන්ට සහ එක් එන්නතක් පමණක් ලබාගෙන මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට එම පරික්ෂණාගාරයේදී පී.සී.ආර්. පරික්ෂණ සිදු කරයි.
කටුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත සියලු පහසුකම්වලින් සමන්විත එම පී.සී.ආර්. පරික්ෂණාගාරයෙන් පැය තුනක් ඇතුළත පරීක්ෂණවාර්තා ලබාදෙන බව එහි කාර්ය බාර කළමනාකරු සුමුදු සරසිරාජා මහත්මිය සඳහන් කළාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුවතක්...