IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගුවන් හමුදාවෙන් අංගම්පොර සටන් කළාවට අතහිත

(ඉන්දිකා රාමනායක)

පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ලොව පැරණිතම සටන් කළාවක් වන අංගම්පොර  සටන් කළාව නගා සිටුවීම සඳහා සන්නද්ධ හමුදාවක් වශයෙන් ප්‍රථම වතාවට ගුවන් හමුදාවේ  සක්‍රිය දායකත්වය දක්වා ඇති බව ගුවන් හමුදාව පවසයි.

හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා උපදෙස් මත  මෙම  සටන්  කටයුතු  සිදු වන  බවද ගුවන් හමුදාව පවසයි.

මෙම සටන් කළාව 1505-1948  වසරවල මේ රට පාලනය කළ  ඉංග්‍රිිසින්ට හා ලන්දේසීන්ට අභියෝගයක්  පැවතීම  හේතුවෙන් 1818 වසරේ  ඔක්තෝබර් මස 06 දින ඉංග්‍රිසින්  විසින් මෙම  කළාව සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අතර, අංගම් කළාව  එසේ තහනමට ලක් වී  අද (06) දිනට වසර 204  සපිරේ.

ජාතික වටිනාකමක් ඇති මෙම පාරම්පරික සටන් කළාව නැවත  නගා සිටුවීම සදහා සීතාවක රාජ්‍ය  සමයේ සටන් පෙළපත වු කොරතොට ආරච්චිවරුන්ගේ පරපුරෙන් පැවත එන අජන්ත මහන්තආරචිචි  මහතා සමග ශ්‍රි ලංකා  ගුවන් හමුදාව 2012  වසරේ දී  ගුවන් හමුදාව සන්නද්ධ හමුදාවක් තුළ ප්‍රථමවරට අංගම්පොර සංචිතයක් ස්ථාපනය  කර ඇත.

හමුදා පුද්ගලයකු   හට අවි  ආයුධ   පුහුණුව මෙන්ම   ආත්ම ආරක්ෂක සටන්  පුහුණුව  ප්‍රගුණ කිරීම  ඉතා වැදගත් බවත්, මෙම  සටන් කළාව හැදිරීම තුලින් අවි ආයුධ පරිහරණය  කිරීමට  අපහසු ස්ථානයක දී හෝ අවියක් නොමැති අවස්ථාවකදී වුවද මහජන ආරක්ෂාව    තහවුරු කිරීමට හැකියාව ඇති බව  ගුවන් හමුදාව පවසයි.

මෙම සටන් කළාව ගුවන් හමුදාව වෙත හදුන්වා දීමත් සමග ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ  බලකා  ගුවන් භටයින්  සහ විශේෂ ගුවන්  විහිදුම්   බලකා  භටයින්   මෙම කළාව   ප්‍රගුණ කර  කරන අතර ගුවන් හමුදවේ මේ වන විට අංගම්පොර   සටන් කරුවන් 40  දෙනකු   පමණ කණ්ඩායමක් සාර්ථකව පුහුණුව ලබා ඇති බව ගුවන් හමුදාව පවසයි.



අදහස් (2)

ගුවන් හමුදාවෙන් අංගම්පොර සටන් කළාවට අතහිත

බද්රානි Thursday, 06 October 2022 08:51 PM

ලෝකෙටම ගහන්න වගෙයි හදන්නේ? කොහොමත් ඉතින් අපි ලංකාවේ ඉඳගෙන ලෝකෙටම ගණන් පෙන්වන අයනේ.. සුද්දෝ දැනටමත් බියෙන් තැති අරගෙන කියලයි ආරංචිය. ලංකාවේ අයට නම් ඉතින් එක පාරම වෙඩි තියලා දානවා මිසක් මොනවටද, තට්ටු දම දමා ඉන්නේ..

:       11       2

සුපුන් Friday, 07 October 2022 12:43 PM

රටට දැන්නම් වැඩක්ම නැති හමුදාවක්... කරන කිසිම වැදගත් දෙයක් පේන්නේ නෑ. මම හිතන්නේ 30000ක් විතර ඉන්නවා. ඉතාමත් අතළොස්සක් නිලධාරින් ටිකක් ඇරෙන්න නිකම් වැටුප් ලබන පිරිසක්... අනිත් හමුදා දෙකට සාපේක්ෂව...!

:       6       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site