(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද(19) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානය මෙසේ ගුවන් තොටුපළ වසා දැමීමට පෙර , අවසාන වශයෙන් පැමිණි ගුවන් යානය ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානයෙන් මගීන් 77 ක් පැමිණ තිබූ අතර , එයින් වැඩි පිරිසක් දඹදිව වන්දනාකරුවන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
ඒ අතර සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා දිගටම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන අතර , ගුවන් තොටුපළෙන් පිටත්ව යන ගුවන් යානා ද පෙර සැළසුම් කර ඇති පරිදි සිදු කෙරේ .
මෙම සංක්‍රමණික ගුවන් මගීන් ,කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ වෙනත් රටක් කරා ගුවන් ගත වීම සදහා පැමිණෙන ගුවන් මගීන් පිරිසකි.
2025 දෙසැම්බර් මස 30
104
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගුවන් මගීන් සඳහා කටුනායක වසාදමයි
lanka Thursday, 19 March 2020 02:01 AM
ඉතින් මේ එන සංක්‍රමණිකයින් හරහා ඔතන වැඩකරන අයට ඕක බෝවෙලා රට ඇතුළට එන්න බැරිද? ඕනෑනම් එහෙම බෝවෙන්න පුළුවන්... අපි කවුරුත් දන්නවා ගුවන් තොටුපළේ වැඩකරන ඔක්කොම වැඩ ඉවරවෙලා ගෙවල්වලට යනවා. කඩේ යනවා. මිනිස්සුන්ගේ ගෙවල්වලට යනවා. ගුවන් තොටුපළක් වහනවා කියන්නේ ෂට්ඩවුන් කරනවා කියන එකයි. නමුත් මේක එහෙම වැහිල්ලක් නෙමෙයිනේ...
Perera Friday, 20 March 2020 01:50 AM
මෙතන කියනවා ගුවන්තොටුපොළ වහලා කියලා තව ප්‍රවෘතියක් කියනවා බ්‍රිතාන්යෙන් තව මගීන් පිරිසක් විශේෂ ගුවන් යානයකින් ආව කියලා. චන්දෙ 3/2 බලය ගන්න මත් වෙලා ඉන්න ආණ්ඩුව දන්නේ නැතිව ඉන්නකොට ගුවන්තොටුපොළ ඇරලද වහලද කියලවත් දන්නේ නැති පාටයි.