
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉතාලි සහ ස්විට්සර්ලන්තය එක ළඟ පිහිටි යුරෝපා රටවල්ය. දෙරටේ දේශසීමාව වැටී ඇත්තේ ඇල්ප්ස් කඳුකරයේය. ඇල්ප්ස් කඳුකරයට අයත් විශාලතම කඳු වැටිය වන්නේ මැටර්හෝන්ය.
මැටර්හෝන් කන්දේ ඇති ග්ලැසියර එසේත් නැතිනම් හිම තට්ටු ගෝලීය උණුසුම හේතුවෙන් දියවී ගොස් භූමියේ වෙනස් වීම් සිදුවී ඇත. විදෙස් සංචාරකයන් හිම ක්‍රීඩා සඳහා පැමිණෙන නිවාඩු නිකේතන බොහොමයක් ඇත්තේ ද මැටර්හෝන් කඳු වැටිය පාමුලය.
ස්විට්සර්ලන්තයට අයත් ග්ලැසියරවල ප්‍රමාණය 2022 වසරේ දී සියයට 6 කින් ද 2023 දී සියයට 4 කින් ද ක්ෂය වී ගිය බව පැවැසෙයි.
ග්ලැසියර් තටට්ු දියවී, දේශසීමා වෙනස් වීම හේතුවෙන් දේශසීමා යළි ඇදීමට සිදුවී ඇති බව ස්විට්සර්ලන්ත රජය ඉතාලියට දන්වා ඇත. ඉතාලි සහ ස්විට්සර්ලන්ත බලධාරීන් එක් වී දේශසීමාව නිර්ණය කිරීමට නියමිත බව ද පැවැසෙයි. ඒ වෙනුවෙන් ස්විට්සර්ලන්ත ඉතාලි කොමිසමක් ද පිහිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd