IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 

ඉතාලි සහ ස්විට්සර්ලන්තය එක ළඟ පිහිටි යුරෝපා රටවල්ය. දෙරටේ දේශසීමාව වැටී ඇත්තේ ඇල්ප්ස් කඳුකරයේය. ඇල්ප්ස් කඳුකරයට අයත් විශාලතම කඳු වැටිය වන්නේ මැටර්හෝන්ය. 

මැටර්හෝන් කන්දේ ඇති ග්ලැසියර එසේත් නැතිනම් හිම තට්ටු ගෝලීය උණුසුම හේතුවෙන් දියවී ගොස් භූමියේ වෙනස් වීම් සිදුවී ඇත. විදෙස් සංචාරකයන් හිම ක්‍රීඩා සඳහා පැමිණෙන නිවාඩු නිකේතන බොහොමයක් ඇත්තේ ද මැටර්හෝන් කඳු වැටිය පාමුලය.
ස්විට්සර්ලන්තයට අයත් ග්ලැසියරවල ප්‍රමාණය 2022 වසරේ දී සියයට 6 කින් ද 2023  දී සියයට 4 කින් ද ක්ෂය වී ගිය බව පැවැසෙයි. 

ග්ලැසියර් තටට්ු දියවී, දේශසීමා වෙනස් වීම හේතුවෙන් දේශසීමා යළි ඇදීමට සිදුවී ඇති බව ස්විට්සර්ලන්ත රජය ඉතාලියට දන්වා ඇත. ඉතාලි සහ ස්විට්සර්ලන්ත බලධාරීන් එක් වී දේශසීමාව නිර්ණය කිරීමට නියමිත බව ද පැවැසෙයි. ඒ වෙනුවෙන් ස්විට්සර්ලන්ත ඉතාලි කොමිසමක් ද පිහිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 78 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site