(සුමතිපාල දීයගහගේ)
ගාල්ල කිතුලම්පිටිය විහාරමහා දේවි සහතික කළ පාසලේ (ළමා නිවාසයේ) රඳවා සිටි 16 හැවිරිදි දැරියක් අද (19) සවස එම ළමා නිවාසයෙන් පලා ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි
මෙසේ පලා ගොස් ඇත්තේ වලස්ගල මැල්පුර ලිපිනයේ පදිංචිකාරියක්වන වත්තුහේවාගේ අමීෂා නෙත්මි සෙව්වන්දි නැමැති දැරියයි.
අවසන් වරට ඇය කහ පාට අත් කොට ටී ෂර්ට් එකක් හා තද නිල් පැහැති සායක් ඇඳ සිටි බවත් අඩි 5 ක් උස තලෙලු සමකින් යුත් ඇය කොණ්ඩය දිගට වවා ඇති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ගාල්ල මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගාල්ල ළමා නිවාසයකින් දැරියක් පලා යයි
Bunny Preena Saturday, 20 May 2023 09:01 AM
පලායයි කියලා දාලා තියෙනවා කියන්නේ දැරිය ළමා නිවාසයෙන් පැනලා යන වෙලාවේ බලාගෙන හිටියාවත්ද? එයාව කවුරුන් හරි රවට්ටලා, සැලසුම් සහගතව කරපු දෙයක්දැයි සැකයි.
Sampath Saturday, 20 May 2023 07:25 PM
ළමා නිවාසවල හොඳ වැඩිකමට තමයි... එහෙම වෙන්නේ... මේ ආයතන ගැන ඉහළ නිලධාරීන්ගේ නිසි අධීක්ෂණයක් නෑ. මේ ළමයි පීඩාවන් දරාගන්න බැරිවයි පැනලා යන්නේ...