(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)
උණ රෝගය වැළදිමෙන් මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබන බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
උණ රෝගිය වැළදිමෙන් රැදවියන් 05 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි අතර ඊයේ (06) තවත් රැදවියන් දෙදෙනෙකු උණ රෝගය වැළදිමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කළ බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මිට දින කිහිපයකට පමණ පෙර උණ රෝගය වැළදිමෙන් රෝහල්ගතව සිටි රැදවියකු මියගිය අතර ඔහු මොලේ උණ රෝගය වැළදිමෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.
ඒ සමග ගාල්ල බන්ධනාගාරයේ අමුත්තන් බැලිම සහ අනිකුත් කටයුතු සිමාකිරිමටත් නවක රැදවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමුකිරිමටත් බන්ධනාගාර පාලන අධිකාරිය විසින් පියවරගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd