
(ශාන්ත රත්නායක)
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා අරගලයට සහය දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා විශ්ව විද්‍යාල සිසුන් කොළඹ නාවල වීවෘත විශ්ව විද්‍යාල ඉදිරිපිට අද (05) විරෝධතාව පැවැත්වූහ.
විරෝධතාවයට එක් වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා විශ්ව විද්‍යාල සිසුන් විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව සඳහා විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කර සිටියහ.
මෙම විරෝධතාවයෙදී ගරා යක් නැටුවක්ද පැවැත්වණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි ගුරු අභිමානය. මේ අය දන්නේ නැහැ ඇතැම් ගුරුවරු උදේ 6 ට පන්ති ආරම්භ කරලා සවස 4 - 5 වන තෙක් උගන්වල ගෙදර යනවග. පාසල් වල 3,4 සහ 5 පන්ති වල මෙන්ම සාපෙල විභාග ලියන පන්තිවලට ගුරුභවතුන් උගන්වන්නේ තම දරුවන් පවා අමතක කරලා. බොහෝ ගුරු මහත්මීන් තමන්ගේ ස්වාමි පුරුෂයාටවත් හරිහැටි කන්න වේලක් නොදී තමයි තම සේවය එලෙස ඉටු කරන්නේ. එහෙම කරලා විභාග පාස් වුණාට පස්සේ, මහ ඇමතිය හෝ වෙනත් දේශපාලකයෙන් ඒ දරුවත් එක්ක පොටෝ ගහලා, ඒ පොටෝ එක හැම ගෙදරකම සාලෙ මැද්දේ තියෙන විදියට තමයි වැඩ කරන්නේ. නමුත් ඔය දේශපාලුවො කවුරුවත් මේ එකම දරුවෙකුටවත් අඩුම තරමින් පැන්සලක් වත් අරං දිපු අය නොවෙයි. මගේ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු 27ක් වෙනවා. පසුගිය වසර 20ක් පමණ දකුණේ සමහර දේශපාලකයින් මගේ තාත්තාට උපන්දින සුබපැතුම් පත් එව්වා. අවුරුදු ලිත් එව්වා. මේ මහජන බදුමුදල්. මට පුලුවනි තව ගොඩක් කරුණු කියන්න. ගුරු අරගලයට ජයම වේවා. නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කරමු.
ගුරුවරුන්ගේ වැටුප් අරගලය අට වසර සමත් පොලිස් කාරයින් යොදාගෙන මර්දනය කිරීමට උත්සාහ කිරීමම ගුරුවරුන්ට කරන අපහාසයක්. ජරාව කාලා බඩ තර කර ගත්තාට, මොලේ නම් වර්ධනයක් සිදුවෙලාම නැති පාටයි. පොලිස් කාරයින්ගේ ළමයින්ටත් උගන්වන්නේ මේ සොච්චම් වැටුපට සේවය කරන ගුරුවරුන් බව ඔවුන්ට නොවැටහීම ගැන නම් ඉතින් ගැටළුවක් නැහැ. පාලකයින් ඉදිරියේ නිවට ලෙස ක්‍රියාකරමින් ඔවුන්ව රකින මුර බල්ලන් නොවී ජනතාවගෙන් වැටුප් ලබන මේ නිලධාරීන් ජනතාවට නිසි ගෞරවය ලබා දෙන්නේ නම් අපිත් පොලිසියේ රාජකාරියේ නියුතු වැදගත් මහත්තුරුන්ට ගෞරව කරන බව දැන්වීමට කැමැත්තෙමි. මම ඊයේ පෙරේදා දැක්කා ප්‍රාදේශීය සභාවක අං ලොකුවට වැඩුණු තඩි මී හරකෙක් ගුරුවරුන්ට අනින්න එලවාගෙන යනවා..
ගුරුවරයාට නොසලකන රට දිනෙන් දින වල පල්ල්ලට යනු ඇත. එවිට තොගය පිටින්ම පිට රටට විකුණා දැමිය හැකිය. අනෙකුත් රාජ්‍ය සේවකයන්ට සාපේක්ෂව මොවුන්ට ලැබෙන දෙයක් නැත. පාලකයිනි බොරුව නැතිව මෙම ගැටළුව වහා විසදුනු...
ඉන්ස්පෙක්ටර් මහත්තයෝ මොවුන්දෙදෙනාගේ ඔලුදෙක එකට හප්පන්න මොලේ වර්දනය වෙන්න
රටේ ආර්ථිකය මෙච්චර වැටිලා තියෙන වෙලාවක් ජවිපෙ ,පෙරට්ටුවන්ගේ තියෙන අසික්කිත කම පෙන්වීමක්... අඩු පඩියට වැඩ කරන්න බැරි නම් ගෙවල් වලට යන්න මොකටද එල්ලිලා ඉන්නේ.
ඉවසල ඉවසල බැරිම මොහොතේ තමයි ඉවසීම තියෙන්න ඕනේ... අවුරුදු ගාණක් පඩි වැඩි වෙනකන් බලන් ඉඳලා අන්තිම මොහොතේ කොටස් දෙකකින් වැඩිකරලා දෙන්න හදනකොට චොර කර ගන්නවා...
1.30ට ගාථා කියලා ළමයි පාසලින් එළියට යන්න කලින් ගුරාලා එළියට ගිහින්, ටියුෂන්... මුදල් අමාරුකම් ඇති මගේ හිතේ....
ගුරුවරයා හරියට ඉගැන්නුවොත් පොලිසියට රස්සාව නැතිවෙනවා.
ඇත්තෙන්ම මොකක්ද දැන් තියන ප්‍රශ්නය .ගුරුන්ට ,ලොක්කන්ට මාසෙකට කීයක් ලැබෙනවාද?ඒ ගොල්ලෝ කීයක්ද ඉල්ලන්නේ ?දේශපාලුවන්ට හරි රජයේ සේවකයින්ට මාසික වේතනය නිශ්චය කරන චක්‍රයක් තියනවද ?මේවා නේ මේ ප්‍රශ්නයට ගුරු වර්ජන ගැටලුව අදාළ,අනිත් ඒවා තේරුමක් නැති රණ්ඩු .එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ වැඩ වර්ජනය යුක්ති සහගතද,නැද්ද කියලා .මම නොදනිමි එම නිසා අහන්නේ .දන්නා කෙනෙක් අපිට කියා දෙන්න කරුණාකර