
(රෝෂන් තුෂාර)
ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ විද්‍යුත් නාලිකා සහ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කළ බව කියන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගේ "හඬ පට" රජයේ රස පරීක්ෂකවරයා ට යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා රහස් පොලිසියට (06) නියෝග කළේය.
උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශ මගින් ජාතින් අතර අන්‍යෝන්‍ය සුහදතාවය පළුදු වී අසමගිය ඇතිවන ආකාරයේ වරදක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු විසින් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් ද සහිතව හඬ පට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
මාධ්‍ය මගින් විකාශය වූ ප්‍රකාශ වලට අදාල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සහ හඬ පට අදාළ මාධ්‍ය ආයතන වලින් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම කළේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාල හඬ පට මගින් අපරාධමය වරදකට අදාළව සාක්ෂි අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාව කැඳවීම ට නියෝග කළේය.
COMMENTS
කොහොමත් මෙයා වාසියට ජාතීන් අතර අසමගිය ඇති කරන්න දෙපැත්තේ කතා නිතරම කියනවා.මෙදා පාර නයාට ගහලා පොල්ල කවද්දගෙන තියෙන්නේ.එදා ඒ ළමයි අතුරුදන් වූ අසරණ දෙමාපියන්ට කල අපහාසය පොළොව නුහුලන පවුකාර වැඩක්.ඉහළම දඬුවම දෙන්න කියලා අපි කියනවා.
කුහක ජෙප්පන් මාර උත්සාහයක් දෙන්නේ ගම්මන් පිලව ඇතුළට දාගන්න.
NPP වහලුන් සහ JVP ත්‍රස්තවාදීන් කඳුළු හෙළන බවත් සුළු ජාතීන් කෙරෙහි අනුකම්පා කරන බවත් හොඳින් දන්නා කරුණකි, මන්ද ඔවුන් කලින් මරා දැමුවේ සිංහලයින් පමණි. NPP කතා කරන්නේ අපි ඊයේ ඉපදුණාක් මෙනි...
අවුරුදු 76ක් රට විනාශ කර බංකොලොත් කළවුන්ට කත් අදින අසේල වැන්නවුන් ඊයේ ඉපදුනාටත් අන්තයි.
මූසල ජෙප්පන්ට ඕනේ වහල්ලු විතරයි.
අයන්ත ඔයා තමයි ඊයේ ඉපදිලා තියෙන්නේ. ඒකනේ මේ රාජ්‍ය දේපළ විනාශ කරපු බෙල්ල වටේ ගහපු අයට කඩේ යන්නේ...
අර යාපනේ තිස්ස විහාරේ හැමදාම කෑ ගහන සෙට් එක ගන්න ඕනෑ... ඊට වඩා සැරට උන්නා බේද වපුරනවා. ඒවාට කොන්ද පණ නැද්ද?
නූතන ඒකාධිපති වියරුව...
මේ වගේ ජඩයින් අනුකම්පා විරහිතව මෙල්ල කළ යුතුමයි... මේ ලැබුණු අනගි අවස්තාව ප්‍රයෝජනයට ගෙන අනිත් ගිහි පැවිදි ජාතිවාදී ද්‍රෝහී රාජපක්ෂ වසලයින්ගේ අවශ්‍යතාවය අනුව රට විනාස කරන්න සූදානම් වන සියල්ලම කුඩුපට්ටම් කළයුතුමයි