
(අංජුල මහික වීරරත්න)
කජු වගා කිරීමේ දී ගැම්බියාව යොදා ගන්නා වගා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට ශ්‍රී ලංකාවේ ගැම්බියානු තානාපතිවරයා සහයෝගය පළ කර තිබේ.
ගැම්බියාව ශ්‍රී ලංකාව මෙන් කෘෂිකාර්මික වශයෙන් කුඩා රටක් වුවත් රටකජු, කජු ආදී වගා රැසකින් ස්වයංපෝෂිත වී ඇතැයි ශ්‍රී ලංකාවේ ගැම්බියානු තානාපති මුස්තාපා ජවාරා මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ පැවසීය.
ගැම්බියාවේ වගා කරන කජු ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කර විශාල ආදායමක් උපයන බවද තානාපතිවරයා සදහන් කළේය.ගැම්බියාවේ ගංගා ඉවුරු දෙපස බහුල වශයෙන් කජු වගා කර ඇති බවත් ඔහු කීය.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මෙරට කජු වගාවේ පසුබෑමක් වීමට හේතුව වැඩි අස්වැන්නක් ලබා දෙන නව කජු විශේෂ හඳුනා ගැනීමට පියවර නොගැනීම බවයි. එමනිසා ගැම්බියාවේ කජු වගා තාක්ෂණය යොදා ගැනීම සඳහා තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ගැම්බියානු තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාව ධර්මයේ ශාපයට ලක්වී ඇති මේ භූමියට ලෝකයේ මොන තාක්ෂණය ගෙනාවත් ඵලක් නැහැ... අනික ඉතින් කජු වර්ග රාශියක් පොකුරු පිටින් වැවුණු රටේ දැන් කජ්ජක් පැලකරගන්න අනුන්ගේ තාක්ෂණය හොයනවා කියන්නේ මේ නින්දිත කාපාලු ජාතිය ගැන ආයේ කවර කතාද..? අර මැදපෙරදිග කාන්තාරය අද තිබෙන හැටි බලලා වත් යමක් ඉගෙන ගන්න අඥාන මිනිසුනේ...!
ශ්‍රී ලංකාවේ කජුවලට ජාත්‍යන්තර වෙළඳපලේ ඉහළ ඉල්ලුමක් තිබීමට ප්‍රධානම හේතුව වන්නේ එම කජුවලට ආවේණික කිරි රසයයි. එබැවින්, ඵලදාව වර්‍ධනය කරගැනීමට අවශ්‍ය කරන භෞතික සාධක දියුණු කරගත හැකි ක්‍රමවේද පමණක් ලබාගැනීමට අවධානය යොමුවිය යුතුයි. නැතහොත්, දැනට දේශීය වෙළෙඳපොලේ තිබෙන නීරස දෙමුහුන් වට්ටක්කා, කොමඩු ආදිය මෙන් වනු ඇත. ඉන්පසුව, වැඩි කලක් ගතවීමට පෙර, නියම ලාංකීය කජු රසය තිබෙන කජු මදයක් "බෙහෙතකට වත්" සොයාගැනීමට නොහැකි වනු ඇති බවට පුරෝකථනය කළ හැකියි.
Amaraweera karana kisima krushikarama wedak saarthaka wela nehe