(අංජුල මහික වීරරත්න)

කුඩා පරිමාණ වැව්, අමුණු හා ඇළවේලි පිළිසකර කිරීමට මේ වසරේ රුපියල් කෝටි  100ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වෙන් කර තිබේ.

 කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති 17,000ක  ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පසුගිය වසරේ ද රුපියල් කෝටි 100 ක් වෙන් කළ අතර වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ  වාරියපොල මූණමලේ වැව, නිකවැව, බළල්ල බොරවැව, කටුපිටිවැව, නියදගලවැව, අමුණකොළේ එල්ලංගා පද්ධතිය, ගල්කන්දේගම වැව, මතඹලෑව, බක්මීවැව හා කුඩාවැව ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංචරයකද නිරත විය.

වැව් අබලන්වීම නිසා අත්හැර දමා තිබූ කුඹුරු අක්කර ගණනාවක් මේ වන විට වගා කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

2024 යල් කන්නය ජලය සිදී ගිය පසු තවත් වැව් රාශියක් ප්‍රතිසංස්කරණය සඳහා මේ වනවිට කටයුතු යොදා ඇතැයි ද වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ගොවිජන සංවිධානවල  අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බව ද අමාත්‍යාංශය කියයි.