
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම ගායක ගායිකාවන්ටද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
බුද්ධිමය දේපළ පනත යටතේ ගීතයක පරම අයිතිය පද රචකයාට හා තනු නිර්මාපකයාට තිබෙන නිසා ජනප්‍රිය ගායක-ගායිකාවන් රැසක් අර්බුදයකට පත් ව ඇති අතර, තමන්ගේ සමාජ මාධ්‍යක ගීතයක් පළ කිරීමටද හැකියාවක් නැති බවද මෙහිදී අවධාරණය කෙරිණි.
මේ හේතුවෙන් වෘත්තීය වශයෙන් ගායන ක්ෂේත්‍රයේ නියුතු බොහෝ ගායක-ගායිකාවන් අසාධාරණයට ලක්වී ඇතැයි ද මේ සියලු කරුණු පිළිබඳව සලකා බලා ස්වාධීන කමිටුවක් පත් කර අවශ්‍ය නීතී සංශෝධනය කර දෙන ලෙස ගායක-ගායිකා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ෙජනාධිපතිවරයා මෙහිදී කීවේ මෙම ගැටලුව කාලාන්තරයක් තිස්සේ පැවතෙන නිසා මේ පිළිබඳ අධ්‍යයනය කර දැනට පවතින ජාත්‍යන්තර නීතිය සහ තාක්ෂණික අවශ්‍යතා මත පදනම්ව ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟී ඇති සම්මුති අධ්‍යයනය කරමින්ද, ඉහත සඳහන් සියලු පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගනිමින්ද, සෑම පාර්ශ්වයකටම සාධාරණත්වය ඉෂ්ට වන පරිදි විසඳුමක් සඳහා ප්‍රවේශයක් ලබා ගත යුතු බවයි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමයේ සභාපති රොහාන් ද සිල්වා, සංගීත අනුමණ්ඩලයේ සභාපති නදීක ගුරුගේ, සුජාතා අත්තනායක, ටී.එම්. ජයරත්න , සුනිල් එදිරිසිංහ, මල්කාන්ති නන්දසිරි, ජගත් වික්‍රමසිංහ, ජානක වික්‍රමසිංහ, රෝහණ බෝගොඩ, සෝමසිරි මැදගෙදර, දීපිකා ප්‍රියදර්ශනී, රොඩ්නි වර්ණකුල මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගීත ලියන්න හැමෝටම බෑ. තනු නිර්මාණයත් හැමෝටම බෑ. ගිත කියන්න නම් ඕනෑ තරම් කට්ටිය ඉන්නවා
විශේෂයෙන් අනුන්ගේ ගීත වෙනත් අය (මොවුන් නොවේ) ගායන කිරීම තහනමට ලක්විය යුතුයි. ගීතය ගායන කල ගායකයින් ගෙදර ඉද්දි. ඒ අයගේ ගිත ,ඔය රියලිට් වලින් එන අය ලක්ෂ ගණන් අරන් ප්‍රසිදියේ කියනවාCH
ඔබලාගේ කට හඬ හොඳට තිබ්බා කියලා හූ කීවට කවුරුවත් අහන් ඉන්නේ නැහැ හරකුනේ. පද රචකයන්ට කරන්න තියෙන්නේ අයිතිය ඉල්ලන්නේ නැති ගායකයින්ට පමණක් ගීත ලියලා දෙන්න
මෙය ඉතාමත් කාලෝචිත කතිකාවක්, මොකද දැනට පවතින කල් යල් පැන ගිය නීති රීති ලංකාවේ ආකෘතිය ට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීමට ඉතාමත් උචිතයි ඉතාමත් අවශ්‍යයි. මොකද ජාත්‍යන්තර වශයෙන් සළකා බලන විට අනික් රටවල් වල යම් ගීතයක අයිතිය පවතින්නේ එක්තරා සමාගමකට හෝ ගීත නිපදවීමට මූලික පාලක වූ නිෂ්පාදකයෙකුට. එහිදී එම සමාගම හෝ නිෂ්පාදකයා ගොඩක් වෙලාවට එම ගායකයාට හෝ ගායිකා හෝ සමූහයට එකවරම විශාල මුදලක් ගෙවනවා.
ගීතයක බුද්ධිමය දේපල අයිතිය දැනටමත් ඇත. එහෙත් ගැටලුව එම නීති ක්‍රියාත්මක නොවීමයි. දියුණු රටවල ගීතයක් අයිතිකරු හැර වෙන අයෙක් මාධ්‍යක හෝ ප්‍රසංගයක ගායනා කලොත් තම අදයමෙන් කොටසක් මුල් අයිතිකරු ට කතෘභාගය ලෙස ගෙවියයුතුයි. මෙය පවතින නීතිය යටතේ ද කලහැක. ඇද ප්‍රවීණ ශිල්පීන් නව නිර් මාන නොකරන්නේ අදාළ නීතිය ක්‍රියාත්මක නොවන නිසයි.
හොඳ වැඩක්... එතකොට අනුන්ගේ කලිසම අගේට ඇදගෙන තමන්ගේ වගේ යන එවුන්ට හෙලුවෙන් තමා යන්න වෙන්නේ...
ගීතයේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයේ දී අද ගායකයන්ට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා වගේම ගීත රසිකයින්ට ද බලවත් හානියක් වෙලා තියෙනවා. ඒ හරියට තාලයකට ගීතයක් ගායනා කරන්න බැරි එවුන් අද තනු මරමින් බෙරිහන් දෙමින් හෝ විලාප දෙමින් කරන අවර ගනයේ ගායනා එෆ් එම් මාධ්‍ය තුලින් හා මගි බස් රථ තුළින් ගීත රසිකයින්ට බලහත්කාරයෙන් අසන්නට සැලැස්වීම හේතුවෙනි.
බොලාට සින්දු කියන්න බැරි නම් නිකන් හිටපල්ලා , ලංකාවේ දැනට තිබෙන සින්දු වැඩිත් එක්ක බොලගෙනුත් තිබෙන්නේ මහා වදයක් , රටේ වෙන ප්‍රශ්න නැද්ද විසදන්න ,
ගීත ලියපු කියපු කවුරුවත් ඒවා පිට්ටියේ දාගෙන ගිහිල්ලා නෑ... කලාකාරයෝ කියන්නේ මානව හිතවාදීන් මිසක් බිස්නස්කාරයෝ නෙමෙයි...