IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


ගෝඨාගේ චෝදනා පත්‍රයේ සංශෝධන අධිකරණයට

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)
 
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ චෝදනා පත‍්‍රයේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව එම අධිකරණයට ඉදිරි කාලයේදී දැනුම් දෙන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) දැනුම් දුන්නේය.
 
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ප‍්‍රියන්ත නාවාන මහතා මේ බව අධිකරණය දැනුම් දෙනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභියාචනා පෙත්සම දෙක අද (18) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලූ අවස්ථාවේදීය.
 
මෙම අභියාචනා පෙත්සම් සිසිර ද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
 
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු  විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විරෝධතා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම අභියාචනා පෙත්සම් දෙක ඉදිරිපත් කර ඇත.
 
මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කියාසිටියේ චෝදනා පත‍්‍රය තුළ කුමන්ත‍්‍රණ චෝදනා දෙකක් පමණක් අන්තර්ගත කර තිබෙන බවත්, එය නීතිවිරෝධී තත්ත්වයක් බවත්ය.
 
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා කියා සිටියේ එවැනි සංශෝධන ඇත්නම් ඒ පිළිබඳ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දෙන බවය.
 
එහිදී අදහස් දැක්වූ විනිසුරු සිසිර ද ආබෲ මහතා කියාසිටියේ අපරාධ චෝදනාවක් පිළිබඳව නිරවුල් අවබෝධයක් විත්තිකරුවකුට තිබිය යුතු බවත්, එසේ නොවුණහොත් ගැටලූ සහගත තත්ත්වයක් ඇති වන බවයි.
 
දෙපාර්ශවයේ කරුණු දැක්වීම් වලින් පසු කරුණු තහවුරු කිරීම සඳහා මෙම අභියාචන පෙත්සම් ලබන 9 දා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
 
එහිදී පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක  මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.
 

 



අදහස් (0)

ගෝඨාගේ චෝදනා පත්‍රයේ සංශෝධන අධිකරණයට

ඔබේ අදහස් එවන්න

දියත

ඖෂධ අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක අධිකරණයට
2024 මැයි මස 09 77 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ


මේ වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක්
2024 මැයි මස 09 111 0

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඩයනාගේ පුරප්පාඩුව මැතිවරණ කොමිසමට දන්වයි
2024 මැයි මස 09 223 0

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව


ජනපතිගෙන් විපක්ෂ නායකට ප්‍රශ්නයක්
2024 මැයි මස 09 987 0

අප්‍රේල් දහ වෙනිදා අගමැතිකම ගත්තා නම් මේ එකක් වත් වෙන්නේ නෑ නේ දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශ්නයක් යො


ඩයනාගේ තීන්දුව කතානායකට
2024 මැයි මස 09 1064 1

ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට එම මන්ත්‍රී ධූරය දැරීමට අයිතියක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන


මම බාර ගත්තේ අපායට වැටුණ රටක්
2024 මැයි මස 09 759 6

තමා බාරගත්තේ අපායට වැටුණු රටක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 559 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2036 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1788 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site