
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ලිසිං සමාගමක ආණමඩුව ණය නිළධාරියකු කේරළ ගංජා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි නොරෝච්චෝල පොලිසිය ඉලන්තඩිය ප්‍රදේශයෙදි අද( 25) අත් අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රසිද්ධ ලිසිං සමාගමක ආණමඩුව ශාඛාවේ ණය නිළධාරීයකු ලෙස කටයුතු කළ 40 හැවිරිදි ආණමඩුව පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
අදාල සැකකරු මෝටර් රථයෙ රිථයෙ රියදුරු අසුන හා අනෙක් ඉදිරිපස අසුන් වල කිසිවකුට සැක නොසිතන අයුරීන් ලක්ෂ 20 කට ආසන්න කේරළ ගංජා කිලෝ හයයි ග්‍රෑම්ස් 500 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd