(බී. ජී. චතුරංග)
රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් වැය කර ඇඟිලි සලකුණු සටහන් කිරීම සඳහා උතුරු මැද පළාත් ආයුරුවේද දෙපාර්තමේන්තුව එම යන්ත්‍ර (finger mark) 9ක් මිලදී ගත්තද ඒවා ප්‍රායෝජනයට ගන්නේ සේවකයන් දෙදෙනකු බව වාර්තාවේ.
ඉකුත් දෙසැම්බර් මසදී මෙසේ මිලදී ගෙන ඇති මේ ඇඟිලි සලකුණු යන්ත්‍ර එකක මිල වී ඇත්තේ රුපියල් පනස් නව දහසකි.
මුර මාරුවක් නොවන රාජකාරී අතර කළමනාකරණ, සංවර්ධන, කාර්යාල කාර්ය සහායක ,ලේඛන භාරකරු ආදී තනතුරු කිහිපයක් සඳහා පමණක් මේ යන්ත්‍ර භාවිතයට ගන්නා ලෙසත් ඒ අනුව අතිකාල සකස් කර ගන්නා ලෙසටත් 2025.05.31 දිනැති ලිපිය මගින් උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තනතුරේ රාජකාරී ඉටු කරන ප්‍රියානි මල්කාන්ති ගොඩගේ මහත්මිය විසින් ආයුර්වේද රෝහල් වෙත ලිඛිතව දැනුම් දී ඇත.
එහෙත් මේ වනතුරුත් සේවකයින් (සංවර්ධන නිලධාරීන්) දෙදෙනෙක් පමණක් හැර අනෙකුත් සියලු සේවකයෝ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය ප්‍රතික්ෂේපකර කටයුතු කරමින් සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෝටි පහේ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ ඇඟිල්ල ගහන්නේ දෙන්නයි
Wanniarachchi Tuesday, 08 July 2025 03:19 PM
එකක මිල 59000 නම් 9ට කොටි පහක් වෙන්නේ කොහොමද බ්‍රෝ?
Herath HeraTuesday, 08 July 2025 05:00 PM
අන්රයියා පෝට් සිටියට ගල් කියුබ් ගැන හැදුවේත් මෙහෙමද?
nipuna Tuesday, 08 July 2025 03:43 PM
මේක රාජ්‍ය සේවයේ සොඛ්‍ය අංශයේ සාමාන්‍ය දෙයක්. අනිත් රාජ්‍ය සේවකයෝ ඇඟිලි සලකුණු දෙන්න පුළුවන් නම් ඇයි මේ අයට බැරි?
රනේ Tuesday, 08 July 2025 04:01 PM
ඒ ගොල්ලන් එහෙම හරි කලානේ, නැද්ද?
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 08 July 2025 04:46 PM
ඔය ඇඟිලි සලකුණු යන්තරේ, හරිනි මැඩම්ගේ කාර්යාලයේ සවි කරන්න බැරිද? එතකොට අඩුගානේ හරිනි මැඩම්වත් ඕක පාවිච්චි කරන්නැතයි !