අමිල චින්තක ගමගේ
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉතාමත් සාර්ථකව පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතා පැවැසීය.
මේ දින කිහිපයේ පමණක් ජනතාව ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් පොත් ප්‍රදර්ශනය නැරඹීමට හා පොත්පත් මිලදී ගැනීමට පැමිණ ඇති බව ද ඔහු සඳහන් කළේය.
පසුගිය වසර වලට වඩා බොහෝ සාර්ථක ලෙස පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන බවත් පොතපත හොඳින් අලෙවි වන බවට කුටි සංවිධායකයන් ප්‍රකාශ කරන බවත් ඔහු කීය.
මෙවර ප්‍රදර්ශනය ආරම්භයේ සිටම සති අන්ත හෝ සතියේ දින යැයි නොසලකා ජනතාව ඇදෙමින් සිටින බව ද වෙන වසරවල එවැනි තත්වයක් නොතිබූ බව ද ඔහු කීය.
මෙවර පොත් ප්‍රදර්ශනයට වැස්සෙන් කිසිම බාධාවක් ඇති නොවූ බව ද සමහර නවකතා ඇතුළු පොත් මිලදී ගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී ඇති බව ද ඔහු සඳහන් කළේය. මෙවර ප්‍රදර්ශනය සදහා පොත් ප්‍රකාශකයන් 450 කගේ කුටි ඇතුළත්ව තිබෙන බව ද ඔහු කීය.
(ඡායා ඉසුරු පෙරේරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
කොළඹ පොත් දැක්මට ජනගගක්: දැනටම ලක්ෂ 2කට කිට්ටුයි