IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කොවිඩ් ආසාදිත මන්ත්‍රී මැතිසබයට දින දෙකක් ඇවිත්

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  ආසාදිත  සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා මැතිසබයට දින දෙකක් පැමිණ එහි ස්ථාන කිහිපයක  සැරිසරා  ඇති බව  සී.සී.ටී.වී කැමරා පරීක්ෂාවේදී පෙනී ගොස් ඇතැයි   වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

එහෙත් ඔහු මුව ආවරණ පැළඳ  සෞඛ්‍ය නීති නිසි ලෙස  අනුගමනය කරමින් කටයුතු කර ඇති හෙයින්   ඔහුගෙන්  මැතිසබයට  ලොකු තර්ජනයක් ඇතිවූ බවක්    පෙනෙන්නට නැතැයිද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මැතිසබයට පැමිණි කාල  සීමාවේදී   ඇසුරු කර ඇත්තේ  ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පමණක් බව  පාර්ලිමේන්තු පොලීසිය පවසයි.

සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා කොවිඩ්  මර්දන එන්නත් මාත්‍රා දෙකම  ලබාගෙන  ඇතැයිද  දැනගන්නට   ඇත.

සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයාට  කොවිඩ්  ආසාදනය වී ඇතැයි හඳුනා ගැනුණේ පෙරේදා(24) දිනයේදීය.

ඔහු මේ වනවිට නිවෙස් නිරෝධායනයට යොමු වී සිටී.

සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.



අදහස් (3)

කොවිඩ් ආසාදිත මන්ත්‍රී මැතිසබයට දින දෙකක් ඇවිත්

ravin Monday, 25 October 2021 06:41 PM

අපෝ එහෙනම් ඕක මාස දෙකක්වත් වහන්න.. 225ම නිරෝධායනය කරන්න මාස 03ක්වත්... පොදුජනයාට කරදරවලින් තොරව ජීවත් වෙන්න පුළුවන් වේවි...!!!

:       1       4

Ruhunu Monday, 25 October 2021 07:25 PM

බොහොම ස්තුතියි ඔබතුමාට...

:       1       3

Perera Monday, 25 October 2021 11:28 PM

ඔබතුම ජාතික මෙහෙවරක් කරලා වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 586 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1107 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1302 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 732 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 696 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 231 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site