( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදිය රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට තවත් සුරා බදු කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් මීට පෙර සුරා බදු ක්‍රෝප්‍රල්වරැන් සිව් දෙනකු සහ සුරාබදු පරීක්ෂකවරෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර ඇත.
එලෙස අත්අඩංගුවට ගත් සහ රිමාන්ඞ් භාරයට පත් කළ සියලූම නිලධාරීන් සුරා බදු දෙපාර්තමේන්තුවේ ගොතටුව මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත නිලධාරින්ය.
ඉකුත් ජුනි මස 5 වෙනි දින සැකකාර සුරා බදු නිලධාරීන් වැටලීමක් සිදුකරන මුවාවෙන් රන් අලෙවි වෙළෙඳ වෙළඳසැල් දෙකට ඇතුළු වී රුපියල් 102,000,000/= මුදලක් දකොල්ලකා එම ආයතන දෙකේ සේවකයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ බවද පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් එම වැටලීම සිදුකර තිබුණේ නීති විරෝධීව ආනයනය කර සඟවා ඇති දුම් වැටි තොගයක් අත්අඩංගුවට ගන්නා මුවාවෙනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනාගෙන් සිව් දෙනෙකු පමණක් දුම් වැටි සමග අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකාර සුරා බදු නිලධාරීන් අනතුරුව කොල්ලකෑ මුදලින් කෝටි පහක මුදලක් නැවතත් ඔහුන් වෙත ලබා දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි
2025 නොවැම්බර් මස 17
103
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
943
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2549
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කෝටි 10 ක් කොල්ල කෑවාට සුරාබදු කෝප්‍රල්වරු දෙකක් දැලේ