IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති

(උපුල් හේරත්)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙමින් පවතින බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.

ඉදිකිරීම් අවසන් භාගයේ පැවතුණද, කොන්ත්‍රාත්කරු එය අතහැර දමා ගොස් ඇති බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට රුපියල් මිලියන 650 කට අධික මුදලක් වැය කරමින් ඉදිකිරීමට නියමිතව තිබූ හදිසි ආපදා ඒකකය මේ වනවිට සමරු ඵලකයකට පමණක් සීමාවී ඇතැයි ද නගරවාසීහු පවසති.

ඵසේම ජපන් ආධාර යටතේ ජයිකා පදනම මගින් හදවත් රෝගීනට ප්‍රතිකාර සඳහා ඉදිකිරීමට නියමිත ගොඩනැගිලි සංකීර්ණය ද සමරු ඵලකයට පමණක් සීමා වී තිබෙන අතර හෙදියන් සඳහා ඉදිකරනු ලබන සිවු මහල් ගොඩනැගිල්ලේ ද ඉදි කිරීම් අතහැර දමා ගොස් ඇත.

හෙද හෙදි පුහුණු පාසලේ පස්මහල් ගොඩනැගිල්ල ද මේ වනවිට නතර වී ඇත. පිළිකා රෝගීන් සඳහා ඉදිකිරීම් ආරම්භ කර ඇති තෙමහල් ගොඩනැගිල්ලේ පළමු මාලය පමණක් අඩක් ඉදිකර ඇතත් එහි වැඩ නිමාවී නැත.

සැතපුම් සිය ගණනක් ඈතින් සායන සඳහා පැමිණෙන රෝගීන් පෙර දිනයේ පැමිණ අගුපිල්වල නිදාගන්නා අයුරු දැක ගත හැකිය.

 



අදහස් (10)

කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති

swene Thursday, 18 April 2024 04:52 AM

මේවා සෞඛය බලධාරීන්ගේ දුර්වල කම්. හරියට ව්‍යාපෘතිය කළමනාකරණය වුනානම් මෙහෙම වෙන්නේ නැහැ . අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂක, විද්‍යාත්මක, පරිපාලන සහ තාක්ෂණික වැනි වෙද කමට පරි බාහිර තනතුරු බොහොමයක් වෛද්‍ය උපාධිදාරීන් හොබවනවා. ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණ ඉංජිනේරුවන් විද්‍යාඥයින් වැනි අය රටෙහි ඔනෑ තරම් ඉන්නවා හැබැයි වෛද්‍ය උපාධිදාරීන් සියල්ල බදා ගෙන. අන්තිමට වෙද කමට දොස්තරලාත් නැහැ. පරිපාලනයත් දුර්වලයි. ඉස්පිරිතාලයකට ගියහම, සමහර ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු කනිටු වෛද්‍යවරු මත සියල්ල පටවලා තමන්ගේ පුද්ගලික වැඩ කරනවා. මාසයකටම රෝහලක ගත කරන්නේ පැය කිහිපයක්. ලෙඩුන්ට දොස්තරලාත් නැහැ. හැබැයි අති කාල සහ අනෙකුත් සියලු වරප්‍රසාද සියල්ලම ගන්නවා.

:       0       39

එරංග Thursday, 18 April 2024 01:00 PM

විස බෙහෙත් ගෙනවිත් ජනතාව පීඩාවට පත්කිරීමට කටයුතු කරපු ඇමතිවරයා ලේකම් අතිරේක ලේකම් හා තවත් ප්‍රබලයන් කිහිපදෙනෙක් අත් අඩංගුවට අරගෙන නඩුවක් පවතිනවා. හරියට බැලුවොත් ගොඩනැගිලි සංකීර්ණයක් අතරමග දමා ගියා නම් එතනත් බෙහෙත් වංචාව හා සමානව තියෙන්න පුළුවන් වේවි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කලොත් සත්‍ය තත්වය පැහැදිලි වේවි.

:       0       10

Akila Thursday, 18 April 2024 06:40 AM

කරුණා කර ඔය සමරු ඵලක වල පින්තුරත් මෙහි දමන්න , ඔය කොන්ත්‍රත් කරුවන්ට ඕක බාර දුන් අදාල දේශහිතයිෂි ඇමති කවුද කියල අපි හැමෝටම බලාගන්න ,ඒ දවස් වල ඕක හදපු වෙලාවේ ඔතන ඉඳන් රට ගොඩ නගන කතාවකුත් කරන්න ඇතිනේ , බොහෝවිට උන්දැ දැන් රනිල් ගේ කබිනට්ටුවෙත් ඇති ( තවමත් රට ගොඩනගන කතා කියමින් )

:       1       21

Chandima Thursday, 18 April 2024 07:05 AM

කොන්ත්‍රාත්කාරයෝ අතින් සල්ලි දාලා පිනට වැඩකරන්නේ නැහැනේ .ඒ මිනිස්සුන්ට ගෙවන්න තියන සල්ලි වලට විදපු උන් තමයි වැරදි කාරයෝ

:       1       20

saman Thursday, 18 April 2024 08:40 AM

කොන්ත්‍රාත් කරුවො පැන යන්නෙ කාටවත් බයෙවත්, වැඩ බැරුවවත් නෙවෙයි. තමන්ගෙ මහන්සියට කාලයට පවුල ජීවත් කරන්න ලබෙන්න ඔනි දවසෙ පඩියවත් ලබෙන්නෙ නැති නිසා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් නෑ කියල බොහොමයක් කොන්ත්‍රත් කරුවන්ගෙ මිලියන ගනන් මුදල් ලබා දීල නෑ. දවසෙ වැටුපට වැඩ කරන මනුස්ස්යට මාස ගානක් පඩ් නෑ. ළමයිට කන්න නැ. සමහරු දිවි නසා ගන්නව. කොන්ත්‍රාත් කරුවො අනාත වෙලා. හබැයි එච්චර සල්ලි නැති අමාත්‍යංශයේ දැනටමත්මා සෙකට ලක්ශ ගනන් හොරට අතිකාල ගනිමින් සිටින පිරිසකට විතරක් රු 35,000 ක් වැඩි කල මාසෙකට රු. බිලියන ගානක් දෙනව එයාලගෙ පව්ල් ජීවත් කරන්න බෑ කියල. මරු රටවල්

:       0       19

Kazi Shajahan Thursday, 18 April 2024 08:50 AM

ශෙහාන් ලා ,රටේ ආර්ථිකය හදන්න යනවා ,තාම එයාලගේ රෝහල් හදාගන්න බැහැ හරියට .බයිලා විතරයි

:       2       16

අරවින්ද මොනරවිල Thursday, 18 April 2024 09:01 AM

සෞඛ්‍ය අමාත්‍යංශයේ හොදම ගැහිලි තියෙන්නේ, ඖෂධ මිලදී ගැනීම හා සායනික උපකරණ මිලදී ගැනිමේදි, ඒ නිසා ගොඩනැගිලි ඉදිකිරීමේදී, රථ වාහන මිලදී ගැනිමේදි සිදු කරන ගනුදෙනු ඇමතිට අදාලම නැතුව ඇති.

:       0       20

ලුම්බිණි Thursday, 18 April 2024 09:16 AM

කොහේ හදන්නද. ඇමැතිත් ඉන්නේ හිරේ.

:       0       14

CHINTHANA Thursday, 18 April 2024 09:46 AM

කොන්ත්‍රාත් ගිවිසුම් වල කොන්දේසි තියෙනවා. මුදල් ගෙවිය යුතු කාලසීමා මෙන්ම ඒ කාලසීමාව තුල මුදල් ගෙව්වෙ නැතිනම් වැඩ නවත්වන්නත් කොන්ත්‍රාත්කරුවන්ට පුලුවන්. කොන්ත්‍රාත්කරුවෙකුගෙ මාසික බිල කෝටි 8ක් 10ක් විතර වෙනවා. එතරම් මුදලක් නියමිත කාලසීමාව තුල නොලැබුනාම කොන්ත්‍රාත්කරුවන් වැඩ කරගෙන යන්නෙ කොහොමද? කොන්ත්‍රාත් ගන්නවා කියන්නේ ගෙව්වත් නොගෙව්වත් ගෙදරින් සල්ලි ගෙනල්ලා වැඩ කරනවා කියන එක නොවේ. උපුල් හේරත්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන ආයතනයෙ SBD 02 කියන කොන්දේසි පොත හොයාගෙන කියවන්න. බොහෝ රජයේ කොන්ත්‍රාත්වලට අදාල මේ කොන්දේසියි. කොන්ත්‍රාත්කරුවන්ට වැරදි කියන්න කලින් හොයල බලන්න ඇත්තටම සිද්ද වුනේ මොකක්ද කියලා.

:       0       27

අබිලින් Thursday, 18 April 2024 08:07 PM

කතාව ඇත්ත... දැන් කාලයේ රාජ්‍ය සේවයේ නිලධාරින් හා සේවකයින් තමන්ගේ ඇඟ බේරගන්න මගේ කාලයේ වැඩක් නොවෙයි... හිටපු නිලධාරි ආරම්භ කළ දෙයක් කියලා මග හරිනවා උන්දැලා හිතන්නේ නැහැ. කෙනෙක් මාරුවෙලා හරි, නැත්නම් විශ්‍රාම ගියාම අනුප්‍රාප්තිකයාට එම වගකීම පැවරෙනවා කියලා... ඒකනේ ගෝඨාභය ජනාධිපති වෙලාවේ ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි අනුව ඕනෑතරම් ප්‍රතිපාදන තියෙද්දී නැවතත් චක්‍රලේඛ නිකුත්කරන්න කියලා ඉල්ලුවේ. වර්තමානයේ බොහෝමයක් ඉහළම නිලධාරි වගේම පහළ තනතුරු දරන අයවුණත් රාජ්‍ය සේවයේ නීති රෙගුලාසි කිසිවක්ම දන්නේ නැහැ. කඩඉම් විභාගයට ගිරව් වගේ කියවා ලියලා ආවත් විභාග ශාලාවෙන් පිටවෙන්නේ ඔක්කෝම අමතක කරලා තමයි. තවත් එකක් ඉස්සර කළමනාකරණ නිලධාරින් තමන් වෙතට ලිපියක් ලැබුණාම ඒකට පිළිතුරක් හදලා ආවරණ අනුමැතියට යටත්ව අත්සනට ඉදිරිපත් කළා. දැන් උන්දැලා ලිපියක් ලැබුණාම ගොනුවේ අමුණා... ඉදිරි උපදෙස් සඳහා ඉදිරිපත් කරමි කියලා ලොක්කාට යවනවා... ලොක්කා වුණත් අත්දැකීම් අඩු කෙනෙක් නම් මොකද වෙන්නේ මහත්තයෝ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික මැයි රැළියට ඉන්දියාවෙන් ගායක ගායිකාවන්
2024 අප්‍රේල් මස 30 6 0

රජය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිස


සිල්ලර මත්පැන් අළෙවිසැල් හෙට වහයි
2024 අප්‍රේල් මස 30 25 0

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (1) දිනයේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අළෙවිසැල් වසා තබන බව සුරාබ


ගුවන්තොටේ රත්තරන් සාප්පුවක් අරින්න අවසර
2024 අප්‍රේල් මස 30 94 0

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ /සංක්‍රමණ කලාපයේ රත්තරන් සාපුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ලංකාව - කසකස්ථානය ගුවන් සේවා ගිවිසුමක
2024 අප්‍රේල් මස 30 157 0

ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් සල්ලි
2024 අප්‍රේල් මස 30 192 0

ඉන්දීය ණය අරමුදල් යටතේ කන්කසන්තුරය වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017-5-2 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති


ළමා හිංසනයට තද නීති
2024 අප්‍රේල් මස 30 149 0

සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 403 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1802 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1625 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site