IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


ගුවන්තොටේ රත්තරන් සාප්පුවක් අරින්න අවසර

(අංජුල මහික වීරරත්න)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ /සංක්‍රමණ කලාපයේ  රත්තරන් සාපුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගුවන්තොටුපලේ නව ව්‍යාපාරික අවස්ථාවක් වශයෙන් රත්රන් ව්‍යාපාරය හඳුන්වාදීමේ යෝග්‍යතාවය සලකා බලා ඇති අතර ඒ සම්බන්ධයෙන් වන යෝජනා සීමා සහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇතැයි රජය කියයි.

දැනට බණ්ඩාරනායක ගුවන්තොටුපොලේ මෙම පහසුකම නොමැති බැවින්  එහි පිටත්වීමේ කලාපයේ රත්තරන් සාප්පුවක් පිහිටුවීමට සීමා සහිත ගුවන් තොටුපළ සහ ගුවන්සේවා පෞද්ගලික සමාගම සැලසුම් කර තිබේ.

මෙම  රත්තරන් සාප්පුව ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු මෙහෙයුම්කරුවකු තෝරා ගැනීම සඳහා  ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවීම පිණිස වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 



අදහස් (5)

ගුවන්තොටේ රත්තරන් සාප්පුවක් අරින්න අවසර

Hafeel Tuesday, 30 April 2024 02:27 PM

අර දියවන්නාවේ ඉන්න එක්කනාගෙන් පරිස්සම් වියයුතුයි.

:       3       19

RohithaTuesday, 30 April 2024 03:44 PM

ශොප් එක එයාගේ, එයා රත්තරන් විකුණලා, පාරේ යද්දී ආයේ කඩාගන්නවා... ප්‍රතිචක්‍රීය හොරකම...

:       3       9

Asantha Tuesday, 30 April 2024 02:58 PM

මැණික් නිෂ්පාදන අලෙවි කිරීමට පියවර ගන්නේ නම් මෙයටත් වඩා සාර්ථක වේවි...!

:       0       9

Nimal Wednesday, 01 May 2024 10:08 AM

ඕකත් කාගේ හරි ඩීල් එකක්.එක්කෝ 1.බදු පැහැර හැරලා යයි.2.ණය අරන් රට පනී.3.පාඩු ලබයි ඔය මොනවා උනත්.ජනතාවට තවත් බදු ගෙවන්න වෙන වැඩක් තමයි ඕක

:       0       1

Asanga samantha Wednesday, 01 May 2024 10:37 AM

ජාවරම් කාරයන්ට හොඳය . ගුවන් තොටුපලේ ඉන්න ජාවරම් කාරයෝ ගන අපි හොදට දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ජනපති වෙනුවෙන් සොව පළ කෙරේ
2024 මැයි මස 21 120 0

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර


කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 1526 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 785 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 626 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 980 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 422 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2382 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2043 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site