හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර තිබේ. ඒ අතරින් ඉදිරියෙන්ම පසුවන්නේ ඉරානයේ හිතවතුන් වන රුසියාව සහ චීනයයි.
ඉරාන චීන සබඳතා ශක්තිමත් කර ගැනීමට හැකිවූයේ රයිසි නිසා යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ශෝක පණිවුඩයේ සඳහන් වෙයි. අවශ්‍ය වේලාවට උදව්වට ආ මිතුරකු ලෙස රුසියාව ඉරාන ජනාධිපතිවරයා හඳුන්වා දී ඇත.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, යුරෝපා සංගමය, කටාර් රාජ්‍යය, ඊජිප්තුව, මැලේසියාව, ජෝර්දානය, ජපානය, ඉතාලිය, සුඩානය, සිරියාව, තුර්කිය, වෙනිසියුලාව, හවුති සටන්කාමී සංවිධානය, ඉරාකය, හිස්බුල්ලා සංවිධානය, හමාස් සංවිධානය, එමිරේට්ස් රාජ්‍යය, ද සොව පළ කර තිබේ.
පාකිස්තානය ද අද (21) ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන්දියාව ද ඉරාන ජනාධිපති රයිසි, විදේශ ඇමැති අමීර්අබ්දුල්ලහීන් සහ මියගිය සෙසු පිරිස සම්බන්ධයෙන් ශෝකය පළ කර ඇත.
ඊට අමතරව ඉරාන නායකයා හෙලිකොප්ටර් අනතුරින් මියයෑම සම්බන්ධයෙන් ඇමෙරිකාව ද ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ. හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඇස්ටින්ගෙන් විමසා ඇති අතර, ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ලැබී නැති බවය.
පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.
මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ
දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ
කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර
රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර
වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ
ඉරාන ජනපති වෙනුවෙන් සොව පළ කෙරේ