IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොතලාවල පනතට උද්ඝෝෂණ කළ සිසු නායකයන් තිදෙනකුට කොරෝනා

(යොහාන් භාසුර)

කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප කෝවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.

මෙම මෙම තිදෙනා බදුල්ල තල්දෙන රැදවුම් මධ්‍යස්ථානයේ දී කළ පිසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

 



අදහස් (18)

කොතලාවල පනතට උද්ඝෝෂණ කළ සිසු නායකයන් තිදෙනකුට කොරෝනා

Raveendra Friday, 27 August 2021 09:38 AM

අපිට ඕනේ හැමදාමත් අපි උපන්න අපේ රටට වෛර කරන්න. අපිට ඕනේ රට අස්ථාවර කරමින් සැමදාමත් දියව් දියව් කියමින් මහජනතාවට වදයක් වෙමින් පාරේ යන්න. අපි දියව් දියව් නිවටයින්ගේ අනුගාමිකයන් වන අන්තරේ ඉන්න බූරු අන්දරේලා. කිසිදා නොලැබෙන බලය වෙනුවෙන් අපි දිවිහිමියෙන් සටන් කරන්නෝය. මිට දියව් දියව් කුමාරගේ නැට්ටුවන් රැල ... අපේ සටනට ජය වේවා... "මොවුන්ගේ" දෙමාපියන් පව්.. අන්ත අසරණ ඒ වැදගත් දෙමාපියන්ට මේ කාලකන්නි පව් එකතු කරනවා මදිවට රෝගත් බෝ කරගෙන... වැඩකට නැති අය...

:       14       31

සෙනෙවිරත්න Friday, 27 August 2021 01:27 PM

අත්අඩංගුවට අරගෙන දින විසි එකකට පස්සෙ හැදෙන කොවිඩ් මොකක්ද කියලා තර්කානුකූලව හිතන්න පැත්තකට වෙලා. මේක රජය විසින් නිරෝගි පුද්ගලයින් රෝගි කිරීමක් නොවේද කියා බලන්න.

:       13       9

Ishan Friday, 27 August 2021 10:01 AM

ඉතා හොඳයි

:       14       22

කිරි පතා Friday, 27 August 2021 10:18 AM

මේ වසංගතය අස්සේ මගුල් නටන්න ආපුු තව කී දෙනෙකුට වෛරසය ගිහින් ඇද්ද?. මේ මිනිසුන්ගේ නම් රස්සාව ඕනෑම රජයකට එරෙහිව උද්ඝෝෂණය කිරීමනේ...

:       18       34

Kumara Friday, 27 August 2021 10:33 AM

මේ අය අත්අඩංගුවට ගත්තේ අගෝස්තු 3, 5 හා 6 දිනවල. බන්ධනාගාරගත කරන්නට පෙර සිදුකළ PCR පරීක්ෂණ නෙගටිව්. දවස් 20 ක් තල්දෙන බන්ධනාගාරයේ හිටියාට පසු කෝවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වුනානම් රෝගයට ගොදුරු වී ඇත්තේ බන්ධනාගාරයේදී බව පැහැදිලියි. මෙය හිතාමතා ‌මේ පිරිස අවධානමට ලක් කිරීමේ ප්‍රතිපලයක් මිස උද්ඝෝෂණ වලට සහභාගිවීම නිසා සිදුවූ දෙයක් නොවෙයි.

:       29       32

Kule Friday, 27 August 2021 10:54 AM

කොරෝන වයිරසය සම්බන්දව ඇති දැනුමට අදාළ ඔබතුමාගේ අධ්‍යාපන සුදුසුකම් කිවුවානම් !

:       24       23

KumaraFriday, 27 August 2021 03:43 PM

මම වෛද්‍යවරයෙක් ඒ වගේම විශ්වවිද්‍යාලයයක ආචාර්යවරයෙක්. ඔබතුමා මගේ සුදුසුකම් පුමාණවත් කියල හිතනවද?

:       1       2

MaddumaralaFriday, 27 August 2021 11:19 AM

නිවැරදි විශ්ලේෂණයකි . ඔවුන්ට කොවිඩ් තිබුනේ නම් සති 3 කට පෙර ධනාත්මක බව පරීක්‍ෂා කළ යුතුව තිබුණි.

:       15       22

සෙනෙවිරත්න Friday, 27 August 2021 01:22 PM

ඇත්ත මේක ඇතුලෙදී හැදුණේ. අනෙත් එක මේක ඒ අයට හැදෙන්නේ නැති ලෙඩක්ද? සමස්ත ප්‍රජාවේ අයට හැදෙනවා නම් මේ අයට වෙනම නොසෑදේද? විකාර දොඩවන අයට මේක රසවත් ප්‍රවෘත්තියක් වුණාට අතේ රෝල්...

:       2       10

විකුම් Friday, 27 August 2021 11:33 AM

කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තියට මෙම වීරයන් පැහැදිලිවම වගකිව යුතුයි. කිසිම විනයක් නැතිව පොදියේ පාර පුරා ගමන් කල 'ගුරු පොකුරද'....'රසායනික පොහොර පොකුරද'.... වගකිව යුතුයි.

:       15       24

kumara Friday, 27 August 2021 11:40 AM

මොවුන්ට කොවිඩ් හැදීම සම්බන්දයෙන් බන්දනාගාර පාලකයන් වග කිව යුතුය .දැනට මොවුන් අත්අඩංගුවට ගෙන දින 21 කටත් වඩා වැඩියි .ඔවුන් කොරනා රෝගීන් ලෙස රෝහල්ගත වී සිටියාම මේ වන විට රෝහලෙන්ද පිටව ගොස් ඇත

:       14       13

ටුමා Friday, 27 August 2021 12:31 PM

කොරෝන හැදිල තියෙන්නෙ බන්ධනාගාරයේදී බව පැහැදිලිය

:       7       7

gagana Friday, 27 August 2021 12:31 PM

නිර්වාන සම්පත් ලැබේවා, හුස්ම ගියොත්. ආයේ ඉපදෙන්න එපා නේ?

:       11       6

Sri Lanka Friday, 27 August 2021 12:56 PM

රට ගොඩගන්න නම් ඔන්න ඔය බැලුව දේ නතර කරන්න. මළගෙයක්, මගුල් ගෙයක්, උද්ඝෝෂණයක් ... මේ හැමදේටම පැනලා 7, 8 දෙනෙකුට කොරෝනා කියලා අනිත් සේරම නිරෝධායනය කරනවා. ඔය බැලුව දේ වහාම නතර කරලා PHI එවැනි දේවල් ආරම්භ වීමට පෙර පරීක්ෂා කරන්න ඕනේ අවශ්‍යම නම්...

:       3       1

සෙනෙවිරත්න Friday, 27 August 2021 01:24 PM

කුහක වෙන්න එපා කඩේ යාම නවත්තන්න... ගුරු පොකුර වගේ මේකත් අතේ රෝල්, දින විසිඑකකට පස්සේ කොහොමද උද්ඝෝෂණ වලින් හැදුණා කියන්නේ..? මේකටත් තමුන්නැහෙලගේ රජය වගකිය යුතුයි.

:       7       4

Nuwan Friday, 27 August 2021 01:32 PM

මේ කොරෝනා නිසා රටම වහගෙන ඉන්න අතරේ මගුලටද ඔය කොතලාවල පනත ආණ්ඩුව හොරෙන්ම ගෙනාවේ? මේකේ වැරැද්ද ආණ්ඩුවේ මිස ඊට විරුද්ධ වුණු ළමයින්ගේ නොවේ... හඳ පෙන්නද්දී ඇඟිල්ලේ ඇද දකින මෝඩයින් මේ ළමයින්ට බනිනවා. අඩුතරමේ මේ ළමයින්ට තමන්ගේ දරුවන් වත් නැහැ තාම.... එ්ත් මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටිනවා, අරගල කරනවා.. මෙහි දොස් දකින නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගන්න දරුවොත් ඉන්න නුඹලා නම් මිනිස්සු නොවේ...

:       9       6

Sumith Friday, 27 August 2021 02:04 PM

ගුරුවරුන්ට කරන්න බැරිව ගියදේ ශිෂ්‍ය නායකයිනට කළා. අමානුෂීය අාණ්ඩුවක් මේක. මර්දනයේ අැරඹුමකි.

:       5       3

Prase Friday, 27 August 2021 02:19 PM

රජයේ රෝහල්වලට ඇතුළු නොකර ගෙදර යවන්න තියෙන්නේ

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

නොමිලේ දුන්න හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 0 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 127 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 377 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 845 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 182 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 229 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site