(මනෝප්‍රිය ගුණසේකර)

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් මාස 21ක කාලයකදී රුපියල් කෝටි 27කට අධික වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පෙබරවාරි 11 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද තීරණය කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ වසර 1 1/2ක කාලය තුළදී උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි රුපියල් කෝටි 27කට අධික මුදල් වියදම් කරමින් කොළඹ අගනරයේ මහල් නිවාස සංකීර්ණ වලින් නිවාස මිලදී ගැනීම්, සුඛෝපභෝගී නවීන පන්නයේ මෝටර් රථ මිලදී ගැනීම්, බිරිඳගේ හා තමාගේ නම් වලින් ඇති බැංකු ගිණුම් වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම පවරා ඇති නඩුව කැඳවු අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස තීරණය කළේය,