IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


කුවේට් සිට පැමිණි ඉන්දියානුවා ජීව උණඩයක් සමග අත් අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සංක්‍රමණික ඉන්දීය ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ ජීව උණඩයක් ගුවන් තොටුපොළ පොලීසිය විසින් අද (21) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු කුවේට් රාජ්‍යයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කරන 30 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකි.

ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළ පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීමේදී ( Scan Test) , ඔහුගේ ගමන් මල්ලේ කුඩා පෙට්ටියක් තුළ අසුරා , සගවා ගෙන සිටි ටී.- 56 තුවක්කු සදහා භාවිතා කරන මෙම ජීව උණඩය අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව, පොලීස් නිලධාරීන් පිරිසක් පැමිණ, මෙම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන ඇති අතර තමන් කුවේට් රාජ්‍යයේ විවෘත තණ පිටියක් පිරිසිදු කරමින් සිටියදී , මෙම ජීව උණඩය තමන්ට ලැබුණ බව පොලීසිය හමුවේ මෙම ගුවන් මගියා සඳහන් කර ඇත.

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත පොලිස් කොස්තාපල්වරුන් වන 38226 දිසානායක සහ 102314 වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති.

මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන ආ ජීව උණඩය අද (21) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (0)

කුවේට් සිට පැමිණි ඉන්දියානුවා ජීව උණඩයක් සමග අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2037 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 637 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 718 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site