IMG-LOGO

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා


කුලී රථ රියදුරෝත් මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ ජාතික එකමුතුවේ නියෝජිතයෝ පිරිසක්  ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළහ.

ප්‍රවාහන ක්‍ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කීරීම අරමුණු කර ගනිමින් මෙසේ කරුණු ඉදිරිපත් කර ඇත්තේ එම අනු කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අනු කාරක සභාව පෙන්වා දුන්නේ රියදුරා, මගියා යන සියලු පාර්ශ්වයන්ට සාධාරණ ආකාරයෙන් ප්‍රවාහන අංශය සම්බන්ධයෙන් නිර්නායක සකස් විය යුතු බවයි. කුලී රථ කර්මාන්තය  සම්බන්ධයෙන් එම වෘත්තීන්වල නිරතවන පුද්ගලයින්ගේ අදහස් සහ යෝජනා මෙහිදී වැදගත් වන බව අනු කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණි නියෝජිතයින් තම අදහස් සහ යෝජනා අනු කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඒවා ලිඛිතව ඉදිරියේදී අනු කාරක සභාවට වඩාත් විස්තරාත්මකව ලබාදීමටද එකඟ විය. මේ අනුව  ප්‍රවාහනය සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කිරීමේදී මෙම යෝජනාද සලකා බලන බව ඇය ප්‍රකාශ කළාය.



අදහස් (0)

කුලී රථ රියදුරෝත් මැතිසබයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32872 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15476 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10020 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 29 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 177 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 487 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site