ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය, ලොව දිගම, අඛණ්ඩ ගුවන් ගමන් ආරම්භ කර ඇත. 

එහි පළමු පියවර ලෙස ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ප්‍රංශයේ තුලූස් නුවර තෙක් ගුවන් ගමනක් සිදුවිය. 
අත්හදා බැලීමේ ගුවන් ගමනක් ලෙස ක්‍රියාත්මක වුනු මෙම ගුවන් ගමනට ගත වුණු කාලය පැය 24යි විනාඩි 24 කි. මෙල්බර්න් සිට තුලූස් තෙක් කිලෝමීටර් 23,075 කි.

ක්වන්ටාස් ගුවන් සේවය, මෙම දීර්ඝ ගුවන් ගමන් සඳහා භාවිතයට ගැනෙන්නේ, ‘එයාර්බස් ඒ 350 1000 යූආර්එල්’ වර්ගයේ ගුවන් යානාය.

ඉදිරියේ දී ‘ප්‍රොජෙක්ට් සන්රයිස්’ නමැති ව්‍යාපෘතියට යටතේ ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වාත්, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර දක්වාත් ගුවන් ගමන් ආරම්භ වනු ඇත.

මෙම අඛණ්ඩ දීර්ඝ ගුවන් ගමන් කරුණු කිහිපයක් හේතුවෙන් සුවිශේෂී වූ බව පැවැසෙයි.

දකුණු ඇමෙරිකා, උතුරු ඇමෙරිකා සහ යුරෝපා යන මහාද්වීප තුන හරහා පැසිෆික් සහ අත්ලාන්තික් සාගරවලට ඉහළින් ගුවන් ගමන සිදුවීම මෙම ගුවන් ගමනේ විශේෂත්වයයි. ගුවන් ගමනට එක් වුණු මගීන්ට හිරු බැසීම් දෙකක් සහ හිරු උදාවීම් දෙකක් දකින්න ලැබුණි.