
(රංජන් කස්තුරි)
කොළඹ මහනගර සභා බලසීමාවට විදුලිය නොකැපීමට ව්‍යාපාරිකයන් පිරිසක් සහ ලංවීම අතර එකඟතාවයකට පැමිණ ඇතැයි ලංවීම ආරංචි මාර්ග කියයි.
ඒ අනුව කොළඹ නගරයට දෛනික විදුලි කප්පාදුව සිදු නොකරන බව ද එම ආරංචි මාර්ග කියයි.
කොළඹ හෝටල් සහ මහා පරිමාණ ව්‍යාපාරික ස්ථාන විදුලි ජනක යන්ත්‍ර භාවිත කරමින් දිවාකාලයේදි ලංවීමට විදුලිය ඉතිරිකර දෙන හෙයින් විදුලිය විසන්ධි කිරීමත් නොකරන බව ද එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන බලවතුන් මෙන්ම ධනවත් ව්‍යාපාරිකයින් වාසය කරන ප්‍රදේශ හා ධනවතුන්ගේ ව්‍යාපාරික ස්ථාන වල විදුලිය නොකැපීම ඉතාම සාධාරණයි. විදුලිය කැපීමෙන් හා වායුසමීකරණ ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන් පීඩාවට පත් නොවිය යුතුයි. වැඩිවුණු ඉන්ධන මිල හමුවේ ඔවුන්ට හා නවීන වාහන ආනයනය සීමා කිරීම හේතුවෙන් ඉන්ධන දීමනාව තව වැඩිකොට නවීන වාහන ඔවුන්ට ලබාදීමට කටයුතු කිරීම රජයේ වගකීමක්. මේ රට, ජාතිය වෙනුවෙන් ඔවුන් කර ඇති මේ සේවයට අප මේ රටේ යටත් වැසියන් ලෙස කෘතගුණ දැක්විය යුතුයි. මොනා නැතත්, අපට දැන් බය නැතිව උජාරුවෙන් ලෝකෙට පේන්න ජීවත් වෙන්න රටක් තියෙනවා..
රටේ අනිත් පැතිවල ව්‍යාපාරිකයන් එකතුවෙලා මූලික අයිතිවාසිකම් නඩු දාන්න.