IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොළඹ සභාවේ මන්ත්‍රීවරු බහුතරයකගේ සහය සජිත්ට

(නිමල කොඩිතුවක්කු)

කොළඹ මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු අති බහුතරයක්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සහයෝගය පළ කරනු ලැබීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමටත් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු  කිරීමටත් එහිදී සහතික විය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ  නායක කාර්යාලයේ දි විපක්ෂ නායකවරයා ගේ ප්‍රධානත්වයෙන් අද (10)මෙම හමුව පැවැත්විණ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන් සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (6)

කොළඹ සභාවේ මන්ත්‍රීවරු බහුතරයකගේ සහය සජිත්ට

Sunil Tuesday, 10 January 2023 04:31 PM

රට යන අත. බටහිර කොළඹිනුත් අලියා විසි වෙයි.

:       3       10

සන්ක Tuesday, 10 January 2023 05:44 PM

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගය පොදුජනතාවගෙ දුක හදුනන සජිත්ගෙ නායකත්වයෙන් මුලු රටේන්ම පොදුජනතාවගෙ මතයෙන් අති විශාල ජයග්‍රහණයක් ලබනව.

:       4       8

sugathTuesday, 10 January 2023 06:47 PM

ඇත්ත. හැබැයි කව්රු ආවත් ආර්ථිකයේ නම් ගොඩ ඒමක් වෙන්නේ නැහැ.

:       0       0

NimalTuesday, 10 January 2023 08:47 PM

`පු´ යන්න `ක´යන්න තමයි.

:       0       0

මහසෙන් Tuesday, 10 January 2023 06:42 PM

වෙන්න ජනාධිපති තුමා ඡන්දේ දිනලත් ඉවරයි වගේ. හදිසිය වැඩ් කමට පසුබිමේ ජාතික කොඩි ගහගෙන ජාතියත් අමතයි ද දන් නෑ..

:       0       0

Bamunuarachchi Wednesday, 11 January 2023 07:38 AM

කොළඹ කවදත් කෙසෙල්වත්තට බව අපි දන්නවා. කොළඹ ඉන්නේ දෙමල්ලු සහ හමබ්යෝ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site