
(අංජුල මහික වීරරත්න)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera) ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
රුපියල් මිලියන 154 ක් වටිනා මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera) සදහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇත.
වකුගඩු රෝග ප්‍රධාන කොට රෝග විනිශ්චය කටයුතු සදහා මෙම උපකණය භාවිතා කරනු ලබයි.
මෙතෙක් මෙම පරීක්ෂණ කටයුතු සදහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කර තිබූ යන්ත්‍රය වසර 20 වඩා පැරණි වන අතර එය වරින්වර අක්‍රිය තත්ත්වයට පත්වෙමින් තිබිණි. එම අවස්ථාවන් වල දී පරීක්ෂණ කටයුතු කොළඹ ජාතික රෝහලෙන් සිදුකර ගැනීමට සිදුවිය සිදුවිය.
කොළඹ ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල යන රජයේ රෝහල්වල මෙම යන්ත්‍රය ස්ථාපිත කර ඇති අතර එමගින් රෝගී සත්කාර සේවාවන් කාර්යක්ෂමව සිදුකරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට ඉස්සර මේවා විවෘත කරන්න ඇමැති නියෝජ්‍ය ඇමැති රාජ්‍ය ඇමැති අයගේ ගෑණු පුද්ගලික කාර්‍ය් මණ්ඩලය වගේ කීයක් එනවාදැයි අමතකද? ඒවාට අපි ගෙව්වා. ආඩම්බරයක් ඒ සියල්ලම වෙනස් කළාට...
කොමිස් කුට්ටිය කීයද?