(යොහාන් භාසුර, ශාන්ත පී බණ්ඩාර)
නායයෑමේ අවදානම හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තව දුරටත් මාර්ගය වසා තැබීමට තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය.
ජාතික ගොඩනැගිලි පරේෂණ ආයතනයේ නිලධාරීන් පහළ කඩුගන්නාව ප්‍රදේශය අද (12) පෙරවරුවේ ද පරීක්‍ෂණයක් කළ බවත් එම නිලධාරීන්ගේ උපදෙස් අනුව අද දිනයෙත් මාර්ගය වසා තැබීමට තීරණය කළ බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
නායයෑමේ අවදානමට පත්ව ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සැළකිය වෙනසක් සිදුවී නොමැති බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මාර්ගය සකසා මෙතෙක් ආරක්ෂා සහිතව තිබුණත් කුමක් හෝ මිනිස් ක්‍රියාකාරකමක් නිසා මෙහෙම වෙන්න ඇති. එ් නිසා එම අහිතකර ක්‍රියාකාරකම් වහාම ඉවත් කරන්න. කන්දේ ජල පහරවල් බැස්සවීමට බට හෝ පයිප්ප යොදා කන්ද සේදීම වළක්වන්න.