
(අංජුල මහික වීරරත්න)
කොළඹ මහානාම විද්‍යාලයේ සහ පොළොන්නරුව දම්මින්න මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ අද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ.
ඒ ඔවුන්ගේ පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනටද සහභාගී වීම සඳහාය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
එහිදී “ Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසුසිසුවියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි.
මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ලබා දීම සහ ‘Vision’ සඟරාව පිළිගැන්වීමද සිදු කෙරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd