(ජේ.ඒ.එල්.ජයසිංහ සහ තෙල්දෙණිය චන්දන උඩුවාවල)
තෙල්දෙණිය රංගල අධි රක්ෂිතයට ඇතුළු වී ගෝනුන්,මුවන් සහ මොණරුන් මරා ඔවුන්ගේ මස් කොළඹ සුපිරි හෝටල්වලට සැපයූ දෙහිවල ප්‍රදේශයේ දෙදෙනකු උණ්ඩ 27ක් සමග අත්අඩංගුවට ගත් බව රංගල පොලිසිය කියයි.
ගෝනමස් කිලෝ 61ක් ගිනි අවි තුනක්, පතුරම්, අධිබල පන්දම් දෙකක් කැබ්රියක් ද පොලිස් බාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත රංගල බර්න්සයිඩ් වතුයායේ බංගලාවක සැඟව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
රංගල අධි රක්ෂිතය තංගප්පුව ප්‍රදේශයේ වනාන්තයේ සැරිසැරූ සද්ධන්ත ගෝනුන් මරා මෙම මස් තොගය රහසිගතව කොළඹ සුපිරි හෝටල්වලට සැපයීම සඳහා සූදානම් කරමින් සිටින බවට පොලිස් බුද්ධි අංශය රංගල පොලිසියට ලබාදුන් තොරතුරු මත මෙම වැටලීම සිදු කළ බව රංගල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මස් පිණිස මරා දැමිම සම්පූර්ණයෙන්ම තහනම් සත්ත්වකු වන ගෝනුන්, මෙන්ම මුවන් සහ මොණරුන් මරා ඉතා රහසිගතව කොළඹ තරු හෝටල්වලට දිගු කලක් තිස්සේ සපයා ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය පවසයි.
කොළඹ සිට තෙල්දෙණිය රංගලට කැබ් රථයෙන් ගිනි අවි ද රැගෙන ගොස් මෙම පිරිස කලක් තිස්සේ මෙම ජාවාම කර ඇති අතර පෙරේදා (6) රාත්‍රියේ පැමිණ ගෝනකු මරා බංගලාවේ නතර වී එම මස් ප්‍රවාහනය සූදානම් කර ඇතැයි ද පොලිසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කොළඔ තරු හෝටල්වලට ගෝන මස් සැපයූ දෙකක් මාට්ටු
Jayantha Monday, 07 February 2022 03:14 PM
නියමයි... රංගල පොලිසිය..! ඔහොම යමු..!
sathyapala Monday, 07 February 2022 04:19 PM
මේ තහනම් සතුන්ගේ මස් තම හෝටලයේ තිබෙන බව දන්නේ කෝකියා පමණද ? මේ මස් මිලදී ගත්තේ කෝකියාගේ වුවමනාවටද? මේවා බුදින්නේ දේශපාලකයින්, රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන් සමග ගැවසෙන ව්‍යාපාරිකයින් හැර වෙන කවුරුන්ද? දුවගේ පුතාගේ තරු පන්තියේ සුපිරි මගුල් මේසයට මේවා දෙන්නේ අධ්‍යක්ෂකගේ අනුමැතියෙන් බව නොදන්නේද? හෝටලයේ විධායක නිලධාරින්, අධ්‍යක්ෂකවරුන් පොඩිඑවුන් ඉදිරියට දමා මේවා තම හෝටලයට මිලදී ගන්නා බව නොදන්නේ කවුද? අවසානයේ සුප්පයියලා, කරුපයියලා හිරේට දමා ශීතකරණයේ ගොඩ ගසා ඇති දඩමස් ඉවරවෙන්නට පෙර නැවත වෙල්ලයියාගෙන් මස් නැවත මිලදී නොදන්නේද?
sathyapala Monday, 07 February 2022 04:20 PM
මම අද රටේ ජනතාවට යෝජනාවක් ගෙනෙනවා. මේක පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව සියලුදෙනාම එක්ව රටේ නීතියක් ලෙස සම්මත කර ගන්නට සියලු දේශපාලකයින්ට බල කරමු. එක රැයකින් නොව අඩුම වශයෙන් 2023 වසරේ සිටවත් නීතියක් කරගන්නට බලමු. කිසිඳු පක්ෂයක් මෙයට සහාය නොදෙන බව විශ්වාසයි. එහෙත් ජනතාව එකට හිටියොත් ජයගත හැකියි. ඒ තමයි රටේ සියලුම සමාගම්වල අධ්‍යක්ෂකවරුන් එම සමාගම්වල සිදුකරන මහා පරිමාන වංචා දුෂණ අපරාධ වලට වගකියයුතු වීමත් එවැනි වංචා වලට වැරදිකරුවන් වන අධ්‍යක්ෂකවරුන් කිසිදා කිසිඳු සමාගමක අධ්‍යක්ෂක තනතුරක් දැරීම තහනම් කිරීමත්, සමාගමට වාසිවෙන නීති විරෝධී වංචා කරන්නට ඉඩහැර එය අසුවූ විට පහළ මට්ටමේ නිලධාරියෙකු බිල්ලට තබා ගැලවී නැවත නැවත වංචා කිරීම මගින් රටට, ජාතියට ආර්ථිකයට කරන විනාශය අති මහත්. ඒ වංචනික උපයාගැනීම් වලින් කොටසක් දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් අතට පත්කර ඔවුන් සුපිරි ජිවිත ගත කරන්නේ ජනතාව අතට යායුතු මුදල් සාක්කුවේ දාගැනීම නිසායි.
chamil Monday, 07 February 2022 06:02 PM
ඇත්තටම ගෝනාගේ කිලෝ 61ක් මද තිබුණේ... පොඩි එකෙක් වෙන්න ඇති නේද?
Prabha Monday, 07 February 2022 06:49 PM
ඒ විතරක් මදි... ඔය ඕඩරේ දුන්නු හෝටල් වලට විරුද්ධව නඩු දාන්න.