(සුජිත් හේවාජුලිගේ)


සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඉතා ඉක්මනින් ලබා දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ  ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව  සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මේ සතියේ රැස්වීමට නියමිතය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත.