
(කාංචන කුමාර ආරියදාස)
කහල්ල කරවිලගල රක්ෂිතයේ ඇති ගස් කොළන් කපා දමා ඩෝසර් කොට ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති.
මේ වන විටත් රක්ෂිතය තුළ විශාල භූමි ප්‍රමාණයක් ඩෝසර් යොදාගෙන ගහකොළ විනාශ කරමින් ඉඩම් අත්පත් කර ගෙන ඒවාට විදුලි වැටවල් සවිකර ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ වගා නොකළ ඉඩම් නැවත වගා කිරීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීන්දුවලට ඉතා සූක්ෂම ලෙස මුවා වෙමින් බව ද ඔවුහු පෙන්වා දෙති.
කහල්ල පල්ලෙ කැලේ රක්ෂිතය කුරුණෑගල මාතලේ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුනට මායිම්ව පිහිටා ඇති ප්‍රදේශයකි, මෙය අභය භූමියක් ලෙස නම් කොට තිබුනද එහි මැනුම් කටයුතු සිදු නොවීම හේතුවෙන් නීති අණ පළාත්වලට සූක්ෂම ලෙස අභියෝග කරමින් කණ්ඩායම් මේ වන විටත් ඒවා ජනාවාස බවට පත් කිරීම වගා බිම් බවට පත් කිරීම සහ විවිධ කටයුතු සඳහා යොදා ගනිමින් ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මෙම ඉඩම් අත්පත් කර ගැනීම සහ අභයභූමිය විනාශ කිරීම සම්බන්ධයෙන් ගල්කිරියාගම වන ජීවී කාර්යාලයෙන් විමසීමේදී වන සත්ව නියාමක සදුන් හෙමනායක මහතා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත සොයාබලා රක්ෂිතය හෙළිපෙහෙළි කළ පුද්ගලයන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඊට අධිකරණමය කටයුතු සිදු කර ඇති බවය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුත් එකයි, මුනුත් එකයි... කිව්වා වගේ වැඩක් සිදුවෙනවා වත්ද?
ගිය ආණ්ඩු කාලේ මේවා වුණාම ආණ්ඩුව ප්‍රාදේශීය දේශපාලනය ඇදගෙන දෙස් තියපු අය දැන් මීක් නැහැ. මොකද ඔවුන්නේ දැන් ආණ්ඩු කරන්නේ? ඒත් අලි මරණ එක, වනාන්තර එළිකරන එක, මහා දවාලේ වෙඩි තැබීම් මිනී මැරුම් කිසිම අඩුවක් නැහැ. වෙඩි තැබීම් නම් 300% වර්ධනය වෙලා තියෙනවා. ඔන්න පොරොන්දු වුනු පුනරුදේ තරම... !