(අංජුල මහික වීරරත්න)
කහටගහ පතලේ මිනිරන් සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අක්කර 102 ක පමණ භුමි ප්‍රමාණයක පිහිටා ඇති කහටගහ පතල ශ්‍රී ලංකාවේ ගැඹුරුම මිනිරන් පතල වේ. පුර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් යටතේ මේ වන විට කහටගහ පතල ක්‍රියාත්මක වන අතර, එමඟින්, උසස්ම තත්ත්වයේ මිනිරන් නිෂ්පාදනය කර, අපනයනය කිරීම සිදු කරනු ලබයි. පසුගිය රජය යටතේ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබූ අතර, ඒ යටතේ හඳුනාගනු ලබන ආයෝජකයෙකු මඟින් කහටගහ පතලේ මිනිරන් සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවට 2023-12-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.
එහෙත්, ඒ අනුව ඉදිරි පියවර ගෙන නොමැත. එම පතලේ පවතින මිනිරන් සංචිතය පිළිබඳව නිශ්චය කිරීම සඳහා දේශීය වශයෙන් පවතින තාක්ෂණය ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ. එම කරුණු සැලකිල්ලට ගෙන, කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එළඹ ඇති 2023-12-11 දිනැති අමාක්‍ය මණ්ඩල තීරණය අවලංගු කර, කහටගහ පතලේ මිනිරන්වල අයිතිය එම සමාගම සතුවම පවත්වා ගනිමින් හා දැනට එම පතලේ සේවය කරනු ලබන සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් කහටගහ පතලේ මිනිරන් සංචිතය ගවේශනය කිරීම, එම පතලේ මිනිරන් කැනීම්, සැකසුම් හා මිනිරන් සඳහා අගය එකතු කිරීම යන සමස්ත ව්‍යාපෘතිය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීමේ යෝජනා කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කහටගහ මිනිරන් පතල රාජ්‍ය - පෞද්ගලික ආයෝජනයකට