IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොස්තාපල්ට වෙඩි තියන්න හැදු හිටපු සෙබළා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හිබුටාන සල්මල් උයන ප්‍රදේශයේදී  සඟවාගෙන සිටි ගිනි අවියකින් පොලිස් කොස්තාපල්වරයෙකු  වෙඩි තැබීමට තැත් කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරු සමග හිටපු හමුදා සෙබළකු  අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.

එම සැකකරු සමඟ  තුර්කියේ නිෂ්පාදිත 9 එම් එම් වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 10 ක් මෙන්ම හොරෙයින්  මත්කුඩු මිලිග්‍රෑම් 5250 ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු  මිනීමැරුම් කොල්ලකෑම් සොරකම් රැසකට සම්බන්ධ පවතින නඩු විස්සක් ඇති වරෙන්තු හයක සැක කරුවෙක් බව  බව පොලිසිය කියයි.

මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්  අද (19) අලුයම 3 සිට 5 දක්වා  හිඹුටාන සල්මල් උයන ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී   සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකසහිත තී රෝද රථයක් නවතා එහි පිටුපස සිටි පුද්ගලයා ශරීර පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහුගේ ඉන තුළ යම් දෙයක් සඟවා ගෙන ඇති බවට අනාවරණයවී වැඩිදුරටත් පරීක්ෂාවට ලක් කිරීමේ දී සැකකරු එකවරම ගිනිඅවිය පිටතට ගෙන කොස්තාපල් වරයාට වෙඩි තැබීමට උත්සාහ දැරීමත් සමගම වහා ක්‍රියාත්මක වූ කොස්තාපල්වරයා  සැකකරු ගේ අත තදින් අල්ලාගෙන සෙසු නිලධාරීන්ට ඒ බව පැවසීමත් සමග ම වහා ක්‍රියාත්මක වූ අනෙකුත් නිලධාරීන් අවම බලය යොදා සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත .

තිරෝද රථය පදවාගෙන ආ සැකකාර හිටපු හමුදා සෙබලා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ක්ලේමන් නමැත්තා ගේ ගෝලයෙක් බවට විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කිය.

එම සැකකරු සන්තකයේ හෙරොයින් මත්කුඩු තිබී පොලිස් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අවිස්සාවේල්ල හෝමාගම කැස්බෑව බණ්ඩාරවෙල ආදී අධිකරණවලින් වරෙන්තු ලැබුවෙක් බව පොලිසිය කියයි.

හාලිඇල ප්‍රදේශයේ ස්ථිර පදිංචි සැකකරු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බව පොලීසිය කියයි.

ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ හිටපු හමුදා සෙබලා මුල්ලේරියාව පදිංචිකරුවෙකි

 

 

 



අදහස් (0)

කොස්තාපල්ට වෙඩි තියන්න හැදු හිටපු සෙබළා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site