(ටී.කේ.ජී.කපිල )

රුපියල් හය කෝටි දහ අට ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පිලිපීන ජාතික කාන්තාවක අත්අඩංගුවට ගත් බව  ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි  .

හොංකොං නුවර සිට , එම කුෂ් තොගය  මෙරටට රැගෙනවිත් තිබුණි.

ඇය  රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ , පැකැට් 05 ක් ලෙස අසුරා සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 180 ක ප්‍රමාණයක් සගවා ගෙන තිබුණි .