(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙලේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
කෘෂි නවීකරණ වැඩපිළිවෙළ හා සම්බන්ධව සිටින ජනාධිපති කාර්යාලයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ අනෙකුත් රේඛීය අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් හා සමාන්තර ශ්‍රේණිවල නිලධාරින් මෙම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය සඳහා නම් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතු සඳහා පෞද්ගලික අංශය ද දායක කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
මේ වන විට ත්‍රිවිධ හමුදාව ද කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ අනුගතව කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.
තේ, පොල්, රබර්, වී, කුරුඳු, ධීවර වැනි ක්ෂේත්‍රවල සිදුකරන ලද පර්යේෂණ අනුසාරයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කර ඇති ක්‍රියාකාරකම් ද ඇතුළත් කරමින් මෙම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරකම් එළිදක්වන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම සහ එහි වැඩකටයුතුවල ප්‍රගතිය ලබන ජුලි මාසය වන විට තමන් වෙත වාර්තා කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරන්න උපදෙස්
සාර්කැස්ටික් Monday, 22 May 2023 07:34 AM
කිරිබත්ගොඩ, සපුගස්කන්දේ පිහිටි යූරියා ෆැක්ටරිය යලි පටන් ගන්න අමාරුද?
sam Monday, 22 May 2023 10:12 AM
කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙලේදී මතුව ඇති ගැටළු නීත්‍යානුකූලව නිරාකරණය කරගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කිරීමට ඩෙන්සිල් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය යොදාගැනීමට හැකියි. අක්කර 4ක් පමණ වටිනා භූමියක් ඇත. එහි සේවය කරනා සේවකයින් ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව කියවේ.. එහි සිටිනා නිලධාරීන් බහුතරයක් දූෂිත ක්‍රියාවල යෙදෙනා බවත් තහවුරු වූ සහ තතුදත් තොරතුරු තිබෙන බව කියැවේ. එම නිසා මෙම ආයතනය පුර්ණ විගණනයක් කර දූෂිත ක්‍රියා නැවැත්වීමට සහ කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කිරීමට ඩෙන්සිල් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය යොදාගත හැකියි...