(අංජුල මහික වීරරත්න)

කොරෝනා ආසාදිත වූ තවත් 204දෙනකු ඊයේ (1) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(2) තහවුරු කළේය.

එම මරණ204 සමග මෙරට වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 9604දක්වා ඉහළ ගියේය .

වයස අවුරුදු 60 ට වැඩි 149 දෙනකු වයස අවුරුදු 30ත් 59 අතර 50 දෙනකු සහ වයස අවුරුදු තිහට අඩු 5 දෙනකු ඒ අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජනරාල්වරයා පවසයි.

මියගිය පිරිස අතර පිරිමි 1009 ක් සහ කාන්තාවෝ 95 ක් වෙති.