IMG-LOGO

කල් තබන විවාදය ගෙනා අජිත්.පී පෙරේරා කලින්ම ගිහින්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඊශ්‍රායල සහ ඉරාන යුද තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කලින්ම බැහැරව ගොස් තිබීම නිසා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා කටයුතු කළේය.

අද පාර්ලිමේන්තුව ඇරැඹුමේදීම අදාළ යෝජනාව කල් තැබීමේ  අවස්ථාවේ විවාදයට ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය සභාවෙන් ඉල්ලා සිටි අතර අද දින විවාදයට නියමිතව තිබූ කල්තැබීමේ විවාදය පසුවට තබා ආණ්ඩු පක්ෂයට සජබ යෝජනාවට එකඟතාව පළ කළේය.

ඒ අනුව අද පස්වරු 3.30ට අදාල කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය කෙරිණි.

පාර්ලිමේන්තුවේ නියමිත විවාදයෙන් අනතුරුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ඇරැඹීමට සූදානම් වුවද කල් තැබීමේ විවාදය ඉදිරිපත් කළ අජිත් පී. පෙරේරා මහතා සභාවේ නොසිටියේය.

ඒ අනුව සභාව කල් තබන බව නියෝජ්‍ය කතානායකවරයා නිවේදනය කළේය. 



අදහස් (1)

කල් තබන විවාදය ගෙනා අජිත්.පී පෙරේරා කලින්ම ගිහින්

කව්ද බෝයි Wednesday, 18 June 2025 06:03 PM

මේ අය දැන් මහජන බදුමුදල් කාබාසිනියා කරමින් දවස් දෙකක්ම හැමිනුණා නේද? ඔය කියන විවාදේ ඕනේ කියලා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1786 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site