
(යොහාන් භාසුර)
කොල්ලුපිටිය පැරණි වෙළෙඳපොල පවතින ස්ථානයේ නව වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී තිබේ.
මෙවැනි හදුනාගත් ව්‍යාපෘති තව දුරටත් කල්දැමීමෙන් තොරව මන්ත්‍රීවරු සහ නිලධාරීන් ගැටලු සාකච්ඡා කර එකඟතාවට පැමිණ ආයෝජකයන් දිරිමත් කරන ලෙසත් පැරණි වෙළෙඳපොලේ දැනට වෙළදාම් කරන සියලුම දෙනාට කඩ කාමර ලබාදිය යුතු බවත් එහි අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් උපදෙස් දී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව සහ ආයෝජකයෙක් එකතුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
කොළඹ නගර සභාව නියෝජනය කරන පක්‍ෂවල නායකයන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතර අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා එසේ උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, උප නගරාධිපති එම්. සී. එම්. ඉබ්බාල්, විපක්‍ෂ නායක එම්. එච්. මන්සිල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාර යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd