
(අජිත්ලාල් ශාන්ත උදය, රෝහණ සමරවීර සහ පී.ආර්.ගමගේ)
මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ජන්දයකින් පාලක පක්ෂය වූ ජාතික ජනබලවේගය පරාජයට පත්විය.
කොලොන්න ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අයවැය විමසීම සදහා සභාව රැස් විය.
කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභික ධූර 19. මාලිමාවට සභික ධූර නවයකි. සජබෙට පහකි. පොහොට්ටුව ට තුනකි.එජාපයට එකකි.මව්බිම ජනතා පක්ෂය ට (දිලිත් ජයවීරගේ පක්ෂයට එකකි.
සභික ධූර නවයක් හිමි මාලිමාව බලය බිහිටුවීය. 06දා පැවති අයවැය අවස්ථාවේදී විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම් හතරම අයවැය විවාදයේ දී කරුණු දැක්වූහ. අවසානයේ ඒකාබද්ධ විපක්ෂය විවෘත ජන්දය ඉල්ලීය.
එක් එක් සභිකයන් වෙන්වෙන්ම ජන්දය ප්‍රකාශ කළේය. ඒ අනුව අයවැයට පක්ෂව ජන්ද නවයක් පාලක මාලිමාවේ සභිකයන් දුන්නේ ය. විපක්ෂ සභිකයන් දහදෙනා අයවැයට විරුද්ධව ජන්දය දුන්හ. අයවැය එක් ජන්දයකින් පරාජය ට පත්විය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාව යනු නොහැකියාව පමණක් ඇති මෝඩයින්ගේ පාරාදීසයක් බව දැන් ඕනෑවටත් ඔප්පු වී ඇත. මෙම කොලොන්න පරාජය ද කියාපාන්නේ එයයි. බුදු පිළිම ඉවත් කරමින්, රණවිරුවන්ගෙන් පලි ගනිමින්, තමන්ගේ බැරි බැරියාව විපක්ෂය මත පටවමින්, දරුවන්ට කුඩු බෙදමින්, කන්ටේනර් පන්නමින්, තෝරා බේරාගත් අයට පමණක් නඩු දමමින්, තමන්ගේ වංචාකාරයන් ගැන නුදුටුවා සේ සිටිමින්, ආයෝජකයන් ආකාර්ෂණය කර ගන්නට යැයි කියමින් තමන්ගේ හෙංචයියන් පත් කරමින් ඡන්දයට පෙර කියූ දේට සම්පූර්ණ පටහැනි දේ කරමින් මේ යන්නේ කොයි පාරේ දැයි මාලිමා සට්ටැඹි රාළලා හැර අන් සියල්ලෝ දැන් දනිති.
රජයේ පාරිශුද්ධ භාවයත් ගැටළුකාරී තත්ත්වයකට හෙලීමේ විපක්ෂ උත්සාහය පරාජය කිරීමට කටවල් පරිස්සමෙන් භාවිතා කිරීම අවශ්‍ය වනවා මෙන්ම අශෝක රන්වල මන්ත්‍රී කමෙන් නෙරපීම වැනි දේවල් ද වහා කිරීමට අවශ්‍යයි. එසේ නොකළහොත් කඩා වැටීම වැළැක්වීමට බැහැ.
කාටද පාඩු? හොරා කන්න වෙන්කරලා නැතිව ඇති, ඒකයි පරාද කරන්න ඇත්තේ...
නියමයි, මේ කුහක ජෙප්පන්ගේ කඩා වැටීමයි.